දළදා මාළිගාවේ පත්තිරිප්පුව ඉදි කළ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියාගේ කතාව..
මහනුවර යුගයේ බිහිවූ විශිෂ්ටතම ඉංජිනේරුවෙකු සහ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන දේවේන්ද්‍ර මූලාචාර්යයන් (ඩිංගිත්තා අප්පු) පිළිබඳව තොරතුරු අනාවරණය වන යූටියුබ් වීඩියෝවක් Next page යූටියුබ් නාලිකාව මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
1747 - 1812 කාලය තුළ ජීවත් වූ එතුමා, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ යන මහනුවර යුගයේ රජවරුන් තිදෙනෙකු යටතේ රාජකීය ශිල්පියා ලෙස සේවය කර ඇත.
මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පුව, මහනුවර මගුල් මඩුව, නුවර වැව, වලාකුළු බැම්ම, දියරැල්ල බැම්ම, ඇම්බැක්කේ දේවාලයේ අලුත්වැඩියා කටයුතු, දෙගල්දොරුව ලෙන් විහාරය, සහ ධනකිරිගල රජමහා විහාරය ඇතුළු පූජනීය හා ඓතිහාසික ස්ථාන රැසක ප්‍රධාන නිර්මාණකරු වූයේද එතුමාය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේදී ඉදිවූ පත්තිරිප්පුවේ ආකෘතිය එතුමා මුලින්ම කෙසෙල් පතුරුවලින් සකසා රජුට පෙන්වා ඇති අතර, එය ඉදි කිරීමට වසර 2ක පමණ කාලයක් ගතවී තිබේ.
වර්ෂ 1812 දී, එනම් එතුමාට වයස අවුරුදු 65 දී, තමන් විසින්ම නිර්මාණය කළ නුවර වැවට පැන සියදිවි නසාගත් බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.
එකල පැවති රජවාසල කුමන්ත්‍රණ සහ රාජ සභාවේ අයෙකු එතුමාට එරෙහිව කළ කේළම් බස් නිසා රජුගෙන් දඬුවම් ලැබීමට ඇති බිය හේතුවෙන් ඔහු මෙසේ කළ බව පැවසේ.
කෙසේ වෙතත්, එතුමා සැබවින්ම සියදිවි නසා නොගත් බවත්, දේශපාලන බලපෑම්වලින් මිදීමට සියදිවි නසාගත් බවට මතයක් පතුරුවා හැර වෙනත් ප්‍රදේශයකට පලාගොස් අඥාතව ජීවත් වූ බවටද මත පවතී.
මෙම තොරතුරු ඇතුළත් වීඩියෝව සඳහා පාදක වී ඇත්තේ ඩී.එම්.ඩී. වෛද්‍යසේකර මහතා විසින් රචිත "මහනුවර රාජධානියේ විශිෂ්ට රාජකීය නිර්මාණ ශිල්පී දේවේන්ද්‍ර මූලාචාරී" නමැති ග්‍රන්ථය සහ ජෝන් ඩේවිගේ සටහන් ඇතුළු ඓතිහාසික මූලාශ්‍රයන්ය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?