තෙල් මිල වැඩි නොවුනොත් පෞද්ගලික සමාගම් ඉවත් විය හැකියි.. - එහෙම වුනොත් රජයට විතරක් රටටම තෙල් සපයන්න බෑ.. - ඇමති නලින්ද
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ පෞද්ගලික බෙදාහැරීමේ සමාගම් ඉන්ධන ආනයනයෙන් ඉවත් වුවහොත්, එම සමස්ත සැපයුම තනිව ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකියාවක් නොමැති බව රජය පවසයි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ ලාභ නොලබන තත්ත්වයක් හමුවේ පෞද්ගලික සමාගම් ඉන්ධන ගෙන්වීම අත්හිටවුවහොත් රට තුළ ක්ෂණික ඉන්ධන හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි.
රජයේ ප්‍රධානතම වගකීම වන්නේ කුමන අභියෝගයක් හමුවේ වුවද රට තුළ අඛණ්ඩව ඉන්ධන සහ විදුලි සැපයුම පවත්වාගෙන යාමයි. දින කිහිපයකට හෝ සැපයුම් ජාලය බිඳවැටුණහොත් එයින් රටේ ආර්ථිකයට සිදුවන හානිය අතිවිශාල වන අතර, එලෙස කඩා වැටෙන ආර්ථිකයක් නැවත ගොඩනැගීම අතිශය දුෂ්කර බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එබැවින් රට තුළ හිඟයකින් තොරව අඛණ්ඩව ඉන්ධන සැපයුම තහවුරු කිරීම සඳහා, පෞද්ගලික සමාගම්වලට ද සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට හැකිවන පරිදි මිල තීරණය කිරීමේදී සාධාරණත්වයක් ඉටුවීම අත්‍යවශ්‍ය කරුණක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..