ක්‍රිෂ් නඩුවටත් නාමල් ලබන 06 වැනිදා දක්වා රිමාන්ඩ්..
ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ හතරවැනි සැකකරු ලෙස නම් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළේය.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වු විමර්ශන නිලධාරීන් පවසා සිටියේ ඉන්දියාව විසින් මෙම ක්‍රිෂ් ගොඩනැගිල්ල අශුද්ධ මුදලක් වැය කර ඇති බවයි.
එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ බී වර්තාවේ ඒ බව දන්වා තිබේද යන්නයි.
ඉදිරි දින ඒ සම්බන්ධයෙන් කරුණු බි වර්තාවකින් ඉදිරිපත් කරන බව දැන්වු සහකාර නීති අධ්‍යක්ෂවරිය පවසා සිටියේ ඉන්දියාවේ MLE මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති බවයි.
තවද සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක් වු සහකාර නීති අධ්‍යක්‍ෂකවරිය මෙලෙස කරුණු ඉදිරිපත් කළාය.
" ස්වාමීනි, නාගරික සංවර්ධන අධිකාරිය අසාමාන්‍ය වේගයෙන් ක්‍රිෂ් ගොඩනැගිල්ල පවරා දීමට කටයුතු කරලා. මීට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වගකිව යුතුයි. විදේශිය සමාගමක් හරහා මෙවැනි ව්‍යාපෘති කරනවානම් මුදලේ වටිනාකම සම්බන්ධයෙන්.
" ස්වාමීනි , රුපියල් මිලියන 35 ක මුදලක් අවස්ථා දෙකක දී නිමල් පෙරේරා හරහා මෙම සැකකරු බාර ගෙන ඇති බවට අනාවරණය වෙනවා. රාජ්‍ය ආයතන අසාමාන්‍ය වේගයෙන් කටයුතු කර තිබෙනවා. මෙම සිදුවීම සිදු වන අවධියේ බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ගෝඨාභය රාජපක්ෂ UD එකේ ලේකම් ලෙස කටයුතු කර තිබෙනවා.
එම දෙදෙනාම මෙම සැකකරුගේ බාප්පා. එවකට ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ. ඔහු සැකකරුගේ පියා. මෙම සිද්ධියට අදාලව ඉක්මනින් විමර්ශන අවසන් කර අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කිරීමට ද අපේක්ෂා කරනවා. මහ බැංකුව විසින් මිලියන 150ක මුදලක් මෙම ගොඩනැගිල්ල්ට යොදවා ඇති අවස්ථාවක දී මෙම ගණුදෙනුව සිදුකර තිබෙන්නේ."
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..