"අපි ඉන්නේ මත්ද්‍රව්‍ය හා දේශපාලනය එකතු වූ ‘පාර රාජ්‍යයක’" – ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිගෙන් අනාවරණයක්..
නීතිය, දේශපාලන බලය සහ මත්ද්‍රව්‍ය ජාලයන් එකිනෙක පැටලී ඇති ‘පාර රාජ්‍යයක’ (Deep State) වත්මන් සමාජය ජීවත් වන බව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති, ජනාධිපති නීතිඥ ප්‍රසාන්ත ලාල් ද අල්විස් මහතා පවසයි.
ලෝක ප්‍රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ වර්තමාන සමාජය උගත්කමට හෝ බුද්ධිමත්භාවයට වඩා මුදලට සහ භෞතික සම්පත්වලට මුල්තැන දෙන තත්ත්වයට පත්ව ඇති බවයි. මෙවැනි දූෂිත පද්ධතියක් දිගින් දිගටම පවත්වාගෙන යාමෙන් සමාජයේ සැබෑ වීරයන් නැතිවී යන බවත්, මිනිස් ජීවිතයක වටිනාකම රුපියල් පනස්දහස තරම් පහළ මට්ටමකට වැටී ඇති බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, තොරතුරු දැනගැනීමේ අයිතිය සමාජය තුළ සක්‍රිය ලෙස භාවිත කරන්නේ නම් මෙම පද්ධතිය වෙනස් කරමින් අලුත් වීරයන් බිහිකර ගැනීමට හැකියාව ලැබෙන බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පාර රාජ්‍යය (Deep State) යනු කුමක්ද?
මෙම සංකල්පය පිළිබඳව අදහස් දක්වන ගවේෂණාත්මක මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ ‘පාර රාජ්‍යය’ යනු රාජ්‍ය ප්‍රතිපත්ති සහ තීරණ රහසිගතව මෙහෙයවීම සඳහා බලගතු රාජ්‍ය නිලධාරීන්, හමුදාමය ප්‍රධානීන් හෝ වෙනත් අන්තවාදී බලවේග එකතුවී ක්‍රියාත්මක වන රහසිගත ජාලයක් බවයි. මෙය තේරී පත්වුණු ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයෙන් ස්වාධීනව හෝ ඊට මුවාවෙමින් සිය අභිමතය පරිදි ක්‍රියාත්මක විය හැක.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..