පොලිසියට ශරීර කැමරා මිලදී ගැනීමේ ටෙන්ඩරයේ මගඩියක්?
පොලිස් නිලධාරීන්ට පැලඳීම සඳහා ශරීර කැමරා මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ බරපතළ අක්‍රමිකතාවයක් පිළිබඳව සැක ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ සංවිධායක වසන්ත මුදලිගේ මහතා පවසයි.
නුගේගොඩ කන්දවත්ත වෘත්තීය සමිති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වසන්ත මුදලිගේ මහතා මෙසේද පැවසීය.
"පොලිසියට ශරීර කැමරා 500 ක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ වී තිබෙනවා. එය කළ යුතු දෙයක්. ජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන්න නම් පොලිස් ස්ථානවලින් පිටත රාජකාරිවල නියැළී සිටින පොලිස් නිලධාරීන්ට පමණක් කැමරා පැලඳීම ප්‍රමාණවත් නෑ. පොලිස් ස්ථාන තුළටත් ආරක්ෂිත කැමරා අවශ්‍යයි. පොලිසි තුළදී පුද්ගලයන්ට වධහිංසා පැමිණවීම් සහ පහරදී මරා දැමීම් චෝදනා වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ ශරීර කැමරා සඳහා හොඳ තීරණයක් ගෙන තිබියදීත් ආණ්ඩුව ඒ හොඳ වැඩේ කරන්නේත් නරක විදියට ද කියල සැකයි.
මේ ටෙන්ඩර් ලේඛනය විධිමත් ලෙස සකස් කරලා නෑ. එහි තාක්ෂණික පිරිවිතර ගණනාවක ප්‍රශ්න තිබෙනවා. මේ TOR ලියවිල්ල බලන ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා මෙය සකස් කර තිබේනනේ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් බව. චැට් ජීපීටී වලින් වැඩක් කළාම එන ඉරි පවා ඉවත් නොකර එලෙසම තිබෙනවා. ලංකාවේ පොලිසියේ අවශ්‍යතාවයට ගැළපෙන තාක්ෂණික විශේෂාංග සහ අනෙකුත් රටවල භාවිත වන තාක්ෂණික ප්‍රමිතිය සලකමින් සැලකිල්ලෙන් ප්‍රසම්පාදන ලේඛන හදනවා වෙනුවට කලබලයේ චැට් ජීපීටී දාපුවාම මෙහෙම විගඩම් තමයි වෙන්නේ. අඩුම ගානේ කෘත්‍රිම බුද්ධියෙන් හදපු ලේඛනය නැවත කියවා, පරීක්ෂා කරලා, අඩුපාඩු හැදුවේ නැද්ද? එහෙම කළා නම් මේ ඉරි ටික මකන්නවත් නොසිතුණේ ඇයි?
මේ ටෙන්ඩරයේ තාක්ෂණික පිරිවිතර අවිධිමත් බවට තාක්ෂණික විශේෂඥයන් මතු කරන විවේචන නිවැරදි බව ඔප්පු වන තව කරුණක් තිබෙනවා. මේ සඳහා ඉල්ලුම් කළ සමාගම් ඉදිරිපත් කර ඇති මිල ගණන් රුපියල් කෝටි 5 සිට කෝටි 36 දක්වා විශාල පරාසයක තිබෙනවා. සමාගම් අතර මිල ගණන්වල පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් හත් ගුණයක පරතරයක් තිබෙන්නේ කොහොමද? අවශ්‍ය තාක්ෂණික විශේෂාංග සහ ඒවායේ ප්‍රමිතිය විධිමත්ව සඳහන් කර නැති නිසා නේද? රජයට අයත් සමාගම් රුපියල් කෝටි 17 ක් ලංසු ඉදිරිපත් කරද්දී, ඒ සමාගමටම අයත් තවත් සමාගමක් ඉදිරිපත් කර ඇත්තේ රුපියල් කෝටි 6 ක් වගේ මුදලක්."
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..