නොරෝච්චෝලේ කෝටි ගණනක ඩීසල් වංචාවක් එළියට..
නොරෝච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයට ලබා දීමට නියමිතව තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා ඩීසල් තොගයක් බලාගාරය වෙත භාර නොදී සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවයක් පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගම පවසයි.
කොලොන්නාව සහ සපුගස්කන්ද ඉන්ධන ගබඩා පර්යන්තවලින් බලාගාරයේ භාවිතය සඳහා නිකුත් කළ ඩීසල් තොග මෙලෙස බලාගාර පරිශ්‍රයට ලැබී නොමැති බව අනාවරණය වී ඇත්තේ සිදුකළ අභ්‍යන්තර විගණනයකදීය. විගණන වාර්තාවලට අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී අවස්ථා දෙකකදී සහ ජනවාරි මාසයේදී අවස්ථා තුනකදී වශයෙන් රුපියල් ලක්ෂ 160 කට අධික වටිනාකමකින් යුත් ඉන්ධන තොග මෙලෙස අතුරුදන්ව තිබේ. බලාගාරයේ ජනන යන්ත්‍ර බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේදී මූලික පණගැන්වීම් සඳහා භාවිත කරන මෙම ඩීසල් රැගත් බවුසර් රථ බලාගාරයට පැමිණි බවට ව්‍යාජ ලේඛන සකසා ඇති බව ද අනාවරණය වී ඇත.
මෙම ජාවාරම ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේ අනුදැනුම මත සංවිධානාත්මකව සිදුකර ඇති බවට සැකකෙරෙන අතර, එහි මූලික පියවරක් ලෙස චෝදනා එල්ල වූ ප්‍රධාන ගබඩා භාරකරු වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කර වෙනත් නිලධාරියෙකු යොදවා තිබේ. එමෙන්ම, විමර්ශන සඳහා බලාගාරයේ තිබූ අදාළ සියලු ලිපිගොනු සහ ලේඛන කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත ගෙන ගොස් ඇති අතර, විගණන නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා ගිනිඅවි සහිත විදුලිබල මණ්ඩල ආරක්ෂක නිලධාරීන් යොදවා ඇත.
මීට අමතරව, භාවිතයට නොගෙන කල් ඉකුත් වීමට ඉඩහැර තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා රසායනික ද්‍රව්‍ය තොගයක් සහ විනාශ කර දමන ලද තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් ද විගණන කණ්ඩායම විසින් සොයාගෙන තිබේ.
මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා සමාගමේ විගණන නිලධාරීන් විසින් පුත්තලම පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත නිල වශයෙන් පැමිණිලි කර ඇති අතර, බලාගාරය ආරම්භ කළ දින සිට සිදුව ඇති බවට සැකකෙරෙන සෙසු අක්‍රමිකතා පිළිබඳව ද ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..