"ලසන්ත මැරුවේ කවුද කියලා දන්න අය දන්නවා.. තවත් ලසන්තලා බිහි වුවහොත්, මිනීමරුවන්ගේ අරමුණු පරාජය වෙනවා" - අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ ප්‍රධාන අරමුණ එක් පුද්ගලයෙකු නැති කිරීම පමණක් නොව, දූෂණයට හා බලවතුන්ට එරෙහි වන සෙසු මාධ්‍යවේදීන් සහ වෘත්තිකයන් බිය වැද්දීම බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.
ලසන්ත වික්‍රමතුංග මහතා පිළිබඳ ලියැවුණු ග්‍රන්ථයක සිංහල පරිවර්තනය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අතීතයේදී මහාචාර්ය සේනක බිබිලේ සහ රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න වැනි දූෂණයට එරෙහි වූ පුද්ගලයන්ට එල්ල වූ ප්‍රහාරවලින්ද සමාජයට ලබා දී ඇත්තේ එවැනිම බියගන්වනසුලු පණිවිඩයක් බවයි.
එවැනි සිදුවීම් නිසා වෘත්තිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් තුළ බියක් ඇති වී, වැරදිවලට එරෙහිව නැගී සිටීමට දෙවරක් සිතන තත්ත්වයක් නිර්මාණය වූ බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා, සමාජයක් ලෙස එම බිය මත පදනම් වූ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව අවධාරණය කළේය.
"ලසන්ත මැරුවේ කවුද කියලා දන්න අය දන්නවා. ලසන්ත ඝාතනය කළ පසු තවත් ලසන්තලා බොහෝ දෙනෙක් බිහි වුණා නම්, මිනීමරුවන්ගේ පණිවිඩය අසාර්ථක වෙන්න තිබුණා," යැයි පැවසූ ඒ මහතා, අක්‍රමිකතා හෙළිදරව් කරන්නන් බිය වැද්දීමට දරන උත්සාහයන් පරාජය කිරීම මුළු සමාජයේම වගකීමක් බව පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..