22 ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ ස්වාධීනත්වයට එල්ල වූ බරපතල තර්ජනයක්.. – අජිත් පී. පෙරේරා
ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත මගින් රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා සාධාරණත්වයට බරපතල හානියක් සිදුවන බවත්, එය කිසියම් පිරිසකගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයක් බවත් සමගි ජන බලවේගයේ නියෝජිත අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සාධාරණ අධිකරණ ක්‍රියාදාමයට පටහැනි බවත්, එහි දැඩි පරස්පරතාවයක් පවතින බවත්ය.
වත්මන් අග්‍ර විනිශ්චයකාරවරයාගේ ධූර කාලයට අදාළව වසර 6 සීමාව බලනොපාන පරිදි සදහා කර ඇති ව්‍යතිරේකයන් කිසිසේත්ම නීතිමය මූලධර්මවලට අනුකූල නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 70 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා දක්වන අදහස් සම්පූර්ණයෙන්ම වැරදි බවත්, 2015-2019 කාලයේ පැවැති ව්‍යවස්ථා සංශෝධන වාර්තාවල එවැනි යෝජනාවක් කිසිසේත්ම නොතිබූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මහාධිකරණ විනිසුරුවන් පත්කිරීමේදී දිසා විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය නොතකා හැරීම සහ වැඩබලන අග්‍රවිනිශ්චයකාර ධූරය සඳහා වසර 225ක පාරම්පරික සම්ප්‍රදාය කඩ කරමින් ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා මඟහැර කටයුතු කිරීම මගින් ආණ්ඩුව අධිකරණ පද්ධතියට අනිසි බලපෑම් එල්ල කරන බවටද හෙතෙම චෝදනා කළේය.
යහපාලන ආණ්ඩු සමයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මහාධිකරණයේ කාඩර් ප්‍රමාණය වැඩි කිරීම, විනිසුරුවරුන්ගේ වේතන දෙගුණ කිරීම මෙන්ම දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීම වැනි සැබෑ ප්‍රතිසංස්කරණ රැසක් ඉටු කළ බව මතක් කර දුන් අජිත් පී. පෙරේරා මහතා
වත්මන් පාලනය පැච් දැමීම්වලින් තොර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට දුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම අමතක කර ඇති බවත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..