බාල ගල් අගුරුවල පාඩුව කෝටි 14,000යි.. - හර්ෂ ද සිල්වා
ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් රටට රුපියල් කෝටි 1,400ක (රුපියල් බිලියන 14ක) දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී හෙළිවූ බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කලේය.
අපනයන කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
එම වාර්තාවට අනුව, බාල ගල්අඟුරු ගැටලුව හේතුවෙන් විකල්ප වශයෙන් විදුලිය ලබා ගැනීමට සිදුවීම නිසා පමණක් රුපියල් කෝටි 800ක සෘජු පාඩුවක් සිදුව ඇති අතර, තවත් රුපියල් කෝටි 400ත් 600ත් අතර මුදලක වක්‍ර පාඩුවක් සිදුව ඇතැයි මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී ඇත.
විදුලි ගාස්තු සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක්කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, විදුලි බිල සියයට 33කින් අඩු කරන බවට බලයට පත්වීමට පෙර ප්‍රකාශ කළ ද, වත්මන් ජනාධිපතිවරයා පත්වන විට රුපියල් 30ක්ව පැවති ඒකකයක සාමාන්‍ය මිල මේ වන විට රුපියල් 35 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව සිදුව ඇත්තේ විදුලි බිල සියයට 17කින් වැඩිවීම බවත් සඳහන් කර තිබේ. එසේම රුපියල් 20කට එල්.එන්.ජී. (LNG) ලබාගෙන විදුලිය නිපදවන බව පැවසුව ද, මේ වන විට බලාගාර සම්පූර්ණයෙන්ම ධාවනය වන්නේ ඩීසල් මඟින් බව හෙතෙම චෝදනා කළේය.
වාහන ආනයනය මඟින් අයකර ගන්නා ලද දැවැන්ත බදු ආදායම රජය සතුව පවතින බැවින්, 2024 විදුලිබල පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විදුලි බිල සියයට 30කින් අඩු කිරීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය රජයට තිබෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත. එසේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත රජය එම සහනය ජනතාවට ලබාදීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවත්, සාර්ව ආර්ථික දර්ශක පෙන්වමින් පුරසාරම් දෙඩුවද මහපොළොවේ ජීවත්වන සාමාන්‍ය ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට මෙම අධික විදුලි බිල දරාගත නොහැකි මට්ටමක පවතින බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කලේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..