ශ්‍රී ලංකා - නේටෝ සබඳතා ගැන රුසියාවේ ස්ථාවරය ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති පැහැදිලි කරයි..
ශ්‍රී ලංකාව සහ නේටෝ (NATO) සංවිධානය අතර ආරක්ෂක සහයෝගීතාවයක් ගොඩනැගීම පිළිබඳව රුසියාවේ අදහස් විමසූ අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියන් මහතා සඳහන් කළේ එය ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික කරුණක් වන බැවින් බටහිර රටවල් මෙන් රුසියාව ඊට බලපෑම් එල්ල නොකරන බවයි.
ශ්‍රී ලංකාව නේටෝ සංවිධානය සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් රුසියාවේ යම් කණස්සල්ලක් පවතින්නේදැයි ‘ඩේලි මිරර්’ පුවත්පත සිදු කළ විමසීමකදී පිළිතුරු දෙමින් තානාපතිවරයා සඳහන් කළේ, “නැහැ, එය ඔබගේ ද්විපාර්ශ්වික කරුණක්. බටහිර රටවල් මෙන් අපි බලපෑම් එල්ල කරන්නේ නැහැ,” යනුවෙනි.
කැනඩාවේ වික්ටෝරියා නුවර පැවැති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ගේ සමුළුව අතරතුරදී ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සහ නේටෝ සභාපති අද්මිරාල් ජුසෙප්පේ කාවෝ ඩ්‍රැගෝන් මහතා අතර පැවැති සාකච්ඡාවකදී හමුදා ක්ෂේත්‍රය නවීකරණය කිරීම, සයිබර් ආරක්ෂණ සූදානම ඉහළ නැංවීම, නව තාක්ෂණය ලබා ගැනීම, නිරීක්ෂණ කටයුතු ප්‍රවර්ධනය සහ තොරතුරු හුවමාරු කරගැනීම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය.
එමෙන්ම හදිසි අවස්ථාවන්හිදී ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීම ඇතුළු මානුෂීය සහන සහ ආපදා කළමනාකරණ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ද මෙහිදී යෝජනා විය.
එහිදී ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා නේටෝ සංවිධානයට ඇරයුම් කළේ දෙපාර්ශ්වය අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ලෙසයි.
යුක්‍රේන අර්බුදය මුල් කරගනිමින් නේටෝ සංවිධානය සහ රුසියාව අතර දැඩි උණුසුම්කාරී හා අර්බුදකාරී වාතාවරණයක් පවතින පසුබිමක රුසියානු තානාපතිවරයාගේ මෙම ප්‍රකාශය නිකුත් වීම කැපී පෙනෙන සිදුවීමකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..