මුතුරාජවෙල ගුවන් යානා ඉන්ධන ව්‍යාපෘතියේ ඇමරිකානු ඩොලර් මිලියන 40.84 ක කොන්ත්‍රාත්තුව චීන සමාගමකට..
මුතුරාජවෙල ප්‍රදේශයේ නව ගුවන් යානා ඉන්ධන ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 40.84 ක සහ රුපියල් මිලියන 8,548.75 ක දැවැන්ත කොන්ත්‍රාත්තුව 'China Petroleum Pipeline Engineering Company Limited' වෙත පිරිනමා තිබේ.
ලංසු තුනක් ඉදිරිපත්ව තිබූ ජාත්‍යන්තර තරගකාරී බද්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් අනතුරුව, උසස් පෙළේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම කොන්ත්‍රාත්තුව සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම ව්‍යාපෘතිය යටතේ මුතුරාජවෙල ප්‍රදේශයේ ඝන මීටර් 92,000 ක ධාරිතාවයකින් යුත් ගුවන් යානා ඉන්ධන ගබඩා ටැංකි සංකීර්ණයක් සහ ඊට අදාළ පහසුකම් ඉදිකිරීමට නියමිතයි.
ඊට අමතරව එම ගබඩා සංකීර්ණයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) ඉන්ධන පිරවුම් පර්යන්තය දක්වා විශේෂිත ඉන්ධන නල මාර්ගයක් ඉදිකිරීමද මෙයට ඇතුළත්.
තවද, මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස මුතුරාජවෙල දැනට පවතින ඉන්ධන පර්යන්තයේ අවශ්‍ය නවීකරණයන් ද සිදු කිරීමට නියමිතයි.
2024 ජූලි 29 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා මූලික අනුමැතිය හිමිව තිබූ අතර, ලංසු ඇගයීමෙන් අනතුරුව මෙලෙස කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා අනුමැතිය හිමිව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..