ආණ්ඩුව වසර දෙකක් පුරා ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකර රට පුරා අලුත් පච කියමින් යනවා.. - නාමල් රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව වසර දෙකක් පුරා ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකර, අලුත් බොරු පොරොන්දු දෙමින් රට පුරා සැරිසරන බවත්, රට තුළ සිදුවන බරපතළ වංචා දූෂණ සහ ජනතා පීඩාවන් හමුවේ ජනාධිපතිවරයා ඇස් කන් පියාගෙන සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, මැතිවරණ සමයේදී උපාධිධාරීන් 35,000කට එකවර රැකියා ලබා දෙන බවට ගෙයින් ගෙට ගොස් පොරොන්දු දුන්නද, අද වන විට රටේ උගතුන්ගෙන් සියයට 43කට රැකියා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා පවා පෙන්වා දෙන බවයි.
දකුණු ආසියාවේ උග්‍රතම විරැකියාව පවතින රට බවට ලංකාව පත්වෙමින් තිබියදී, ආණ්ඩුව ලබා ගත් ජයග්‍රහණ ගැන උදම් අනමින් සිටීම විහිළුවක් බවද හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුව බලයට පත්වන විට පැවති සියයට 5.3ක ආර්ථික වර්ධන වේගය මේ වන විට සියයට 4.1 දක්වා පහත වැටී ඇති අතර, උද්ධමනය සියයට 8.1ක් දක්වා ඉහළ ගොස් ආර්ථිකය කඩා වැටී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
රටේ සිදුවන මහා පරිමාණ දූෂණ ක්‍රියා හමුවේ ජනාධිපතිවරයා මුණිවත රකින බවට චෝදනා කළ නාමල් රාජපක්ෂ මහතා, වරායෙන් බහාලුම් 323ක් මුදාහැරීමේ සිද්ධියට වගකිවයුතු පුද්ගලයන් නිදැල්ලේ සිටින බවත්, අමාත්‍යාංශයේ මුදල් ලේකම්වරයා වැරදි ගිණුමකට ඩොලර් මිලියන 2.5ක් බැර කර තිබියදී ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් පැවසීය.
එමෙන්ම 2025 සහ 2026 වසර දෙක තුළ කළු කඩ මාර්කට් එක හරහා ඩොලර් බිලියනයකට අධික මුදලක් රටින් පිටව ගොස් ඇතැයිද ඔහු චෝදනා කළේය.
ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් ද රජය දැඩි විවේචනයට ලක් කළ මන්ත්‍රීවරයා, ආනයනය කළ ගල් අඟුරු නැව් 19ම බාල තත්ත්වයේ ඒවා බවත්, ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්ව ඇති බවත් පෙන්වා දුන්නේය. හදිසි මිලදී ගැනීම් යටතේ ගෙනා නැව් 6න් දෙකක්ම බාල තත්ත්වයේ පැවති අතර, ඉන් එකක් හරවා යවා අනෙකෙන් ගොඩබෑම සිදුකර ඇත්තේ කාගේ වුවමනාවටදැයි හෙතෙම ප්‍රශ්න කළේය.
මීට අමතරව, 'ඩිට්වා' සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට නිවාස සහ ඉඩම් සඳහා පොරොන්දු වූ වන්දි මුදල් මෙතෙක් ලබා දී නොමැති බවත්, ගොවීන්ගෙන් මිලදී ගත් වී සඳහා මුදල් නොගෙවීම සහ පොහොර නිසි වේලාවට නොලැබීම හේතුවෙන් කෘෂිකර්මාන්තය අඩාල වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
එබැවින් තවදුරටත් ජනතාව මුළා කරමින් නව පොරොන්දු දේශපාලනයක නිරත නොවී, මීට පෙර දුන් පොරොන්දු ඉටු කර ජනතා ගැටලුවලට සැබෑ විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..