සුරේෂ් සලේ ලබන 28 තෙක් ජාතික රෝහලේ.. ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ මුරපදය වෙනත් මාර්ගයකින් ලබාගන්නා බවත් දන්වයි..
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව රඳවා ප්‍රශ්න කෙරෙන, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලෙන් මුදා හැරීම සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව වෛද්‍ය වාර්තාවල සඳහන්ව ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද (22) දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ නඩුවට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
අධිකරණ නියෝග ප්‍රකාරව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ සම්පත් අධිකාරී අද (22) විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේ ඔහුට ලැබී තිබූ නොතීසියට අනුවයි.
පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, සැකකරු දින 100ක් ඉක්මවමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
විමර්ශනවලට බාධා කරමින් කුමන්ත්‍රණකාරී ලෙස රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරු වහාම ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ලබන 28 වනවිට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි වනු ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම, මෙම විමර්ශනයට අදාලව මෙතෙක් සැකකාර සුරේෂ් සලේ විසින් ලබා නොදුන් ඔහුගේ ලැප්ටොප් (laptop) පරිගණකයේ මුරපදය වෙනත් මාර්ගයකින් ලබාගන්නා බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ දන්වා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..