මෛත්‍රීට වැරදුණු සමාව හරියට දෙන්න අනුරට පුළුවන්.. - ගලගොඩඅත්තේ ඥානසාර හිමි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් වෙත ලබා දුන් ජනාධිපති සමාව ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අතින් සිදුවූ පරිපාලනමය දෝෂ නිවැරදි කර, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් තමන් වෙනුවෙන් යළිත් ජනාධිපති සමාව අයැද සිටින ලෙස බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කළහ.
උන්වහන්සේ විසින් රචිත '9.5 විකෘතිය' කෘතිය කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
උන්වහන්සේ ට හිමිව තිබූ ජනාධිපති සමාව බලරහිත කිරීමට අධිකරණය නියෝග කර තිබෙන පසුබිමක මෙම උත්සවය පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ ඥානසාර හිමියන් සඳහන් කළේ, බුද්ධ නියමයට අනුවත් රටේ විනයට අනුවත් තමන් නීතියට හිස නමන බවයි.
කෙසේ වෙතත්, අදාළ ජනාධිපති සමාව ලබා දීමේදී ක්‍රමවේදයේ වරදක් සිදුව ඇත්නම් එහි වගකීම නිලධාරීන් සතු වන බවත්, ඒ වෙනුවෙන් තමන්ගෙන් පළිගැනීම අසාධාරණ බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
"හිටපු ජනාධිපතිවරයාගෙන් හෝ නිලධාරීන්ගෙන් වරදක් වුණා නම්, වත්මන් ජනාධිපතිතුමාට පුළුවන් ඒ දේ නිවැරදි කරන්න. ඒ නිසා නිවැරදි ක්‍රමවේදයට අනුව මට ජනපති සමාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට පවසන්නැයි මා අපේ අනුනායක හාමුදුරුවන්ගෙන් වැඳ නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා" යැයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පැවසූහ.
තමන් නැවත බන්ධනාගාරගත වීමට බිය නොවන නමුත්, මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරියේදී රට සහ ශාසනය වෙනුවෙන් පෙනී සිටින තරුණ භික්ෂූන් වහන්සේලා දැඩි අධෛර්යමත්භාවයකට පත්වනු ඇතැයි උන්වහන්සේ කනගාටුව පළ කළහ.
එමෙන්ම, වයස අවුරුදු 87ක් වන තම මව ඉදිරියේ තමන් වෙනුවෙන් "ජීව පාංශුකූලයක්" ලබා දෙන මට්ටමට පවා තමන්ට සිතෙන්නේ මේ වන විට පත්ව ඇති අවිනිශ්චිත තත්ත්වය නිසා බවද උන්වහන්සේ සංවේගයෙන් යුතුව ප්‍රකාශ කළහ.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම දේශපාලනඥයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..