අපි ප්‍රායෝගික බෞද්ධයින්.. අපි මාක්ස්වාදීන්.. පිදෙල් කස්ත්‍රෝලාගේ ආර්ථික දර්ශනය පිළිගන්නවා.. - මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ
තමන් බුදුදහමේ මූලික හර පද්ධතීන් ජීවිතයට එක් කරගත් සැබෑ ප්‍රායෝගික බෞද්ධයන් බවත්, ඒ සමඟම මාක්ස්-ලෙනින්වාදී මතවාදය ප්‍රසිද්ධියේ පිළිගැනීමට කිසිසේත් නොපැකිලෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කරයි.
ජනහමුවක් අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමන් පිටතින් ආගම තවරාගත් බෞද්ධයන් නොවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා මෙසේද පැවසීය.
"අපි ප්‍රායෝගික බෞද්ධයෝ. ඇත්ත බුද්ධ දර්ශනයේ තියෙන හර පද්ධතීන් අපේ ජීවිතවලට එකතු කරගත්තු මිනිස්සු මිසක් ආගම තවරාගත්තු බෞද්ධයෝ නෙවෙයි. ඒ වගේම 'අපි මාක්ස්වාදීන්ද?' කියලා ඇහුවොත්, ඔව් අපි මාක්ස්වාදීන්. ඒක ප්‍රකාශ කරන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. අපි මාක්ස්වාදීන් පමණක් නෙවෙයි, මාක්ස්-ලෙනින්වාදීන්.
එපමණක් නොව, 20 වැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨ දේශපාලන චින්තකයන් වන චීනයේ මාඕ සේතුං, වියට්නාමයේ හෝචිමින් මෙන්ම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ වැනි විප්ලවීය නායකයන්ගේ, දාර්ශනිකයන්ගේ සහ ආර්ථික විද්වතුන්ගේ දර්ශනයන්ගෙන් අපි ආභාසය ලබා තිබෙනවා. එමෙන්ම ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙකු වූ ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම්ගේ ජීවන ආදර්ශයන් මෙන්ම, මෙරට විසූ ආනන්ද කුමාරස්වාමි වැනි ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගේ උසස් ගුණාංග ද අපගේ දේශපාලන ව්‍යාපාරයට මෙන්ම ජීවිතවලට ද එකතු කරගනිමින් කටයුතු කරන පිරිසක්."
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේ වන විට සංවාදයක් මතුවී ඇති අතර, එහිදී බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නේ මාක්ස් ලෙනින් වාදින් ප්‍රායෝගික බෞද්ධයෝ වන්නේ කෙසේද යන්නය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..