මේ වසරේ රජයේ පාසැල් 100ක් වැසෙයි..
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී සමස්ත රජයේ පාසල් සංඛ්‍යාව සියයකින් පමණ අඩු වීමට නියමිත බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අලුත්ම දත්ත අනාවරණය කරයි.
පසුගිය වසරේ සමස්ත පාසල් සංඛ්‍යාව 10047ක් වූ අතර ඒ ඒ පළාත්වලින් මේ වන විට අමාත්‍යාංශයට ලැබී තිබෙන දත්ත අනුව එම සංඛ්‍යාව දසදහසකට අඩු බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. පෙර වසරේ (2024) පැවති පාසල් සංඛ්‍යාව 10076කි.
සිසුන් අඩු පාසල් වෙනත් පාසල් හා ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ මීට හේතු වී තිබේ. එලෙස ඒකාබද්ධ කළ හැකි පාසල් තුන්සියයක් පමණ මේ වන විට හඳුනාගෙන තිබෙන බව ද ඉහත ආරංචි මාර්ග කීවේය.
මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව දහතුන් දහස් අටසිය හතරකින් අඩු වී තිබේ. තුන් ලක්ෂ තුන්දහස් හයසිය දා හත් දෙනෙක් පසුගිය වසරේ විභාගයට පෙනී සිට ඇති අතර මෙවර පෙනී සිට ඇත්තේ අයදුම්කරුවන් දෙලක්ෂ අසූනව දහස් අටසිය හැටහත් දෙනෙකි.
මෙම සිසුන් පළමු ශ්‍රේණියට ඇතුළත්ව ඇත්තේ 2022 වසරේ දී ය. එම වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් වී ඇති සිසුන් සංඛ්‍යාව දෙලක්ෂ අනූදෙදහස් පන්සිය දාහතකි. ඒ අනුව ද ගත් කල ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව අනුව දෙදහස් හයසිය පනහකගේ වෙනසක් පවතියි.
ඉකුත් 2021 වසරේ දී ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස්පන් දහස් එකසිය පනස් අට දෙනෙක් විභාගයට පෙනී සිට තිබේ.
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගයන්ට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යා ද වසරින් වසර අඩු වන බව විභාග දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි.
- නිලන්ත මදුරාවල
Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..