දිලීප පීරිස්ගේ ප්‍රකාශය රණවිරුවන්ට කළ නින්දාවක්..
ඊයේ දිනයේ නියෝජ්‍ය නීතිපති දිලීප පීරිස් උසාවියට කරුණු දක්වමින් විශ්‍රාමලත් මේජර් ජෙනරල් සුරේෂ් සලේව පාච්චල් කළ අන්දම මිනිස් සංහතියට කරන ලද නින්දිත සමච්චලයක්.
තමන්ගේ වෘත්තියට ලැබෙන මාසික පඩිය වෙනුවෙන් මෙවන් උසස් තනතුරක් දරන පුද්ගලයෙක් ආණ්ඩුවක් වෙනුවෙන් මේ අන්දමින් කඩේ යා යුතුද ?
ඔහුගේ තකතීරු තර්කයට අනුව මේජර් ජෙනරල් සලේ රෝහලක ඇඳක් මතට වී සැපට විවේක ගනිමින් සිටී. කියන්න තරම් ලෙඩක් නැති නමුත් දත් ටික සුද්ද කර ගනී. ඇස් බළවා ගනියි. පවුලේ අය සමඟ සතුටු සාමීචියේ යෙදේ.
දිලීප හැසිරෙන්නේ සලේ දිලීපගේ පෞද්ගලික මුදල් මුදල්වලින් නඩත්තු වෙමින් සැප ගන්නා ආකාරයක් හුවාදක්වමින්.
කුරිරු ත්‍රස්තවාදයට විරුද්ධව ජීවිත පරදුවට තබා යුද්ධය ජයග්‍රහණය කිරීමටත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන හැම වර්ගයකම මිනිසුන්ට ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු නොවී නිදහසේ ජීවත් වීමටත් ඉඩ ලබාදීමට තම සේවා කාලය කැප කළ උදාර රණවිරුවකු රටට බරක් වී ඇති ආකාරයටයි දිලීප කට මැත දෙඩ වූයේ.
යුද්ධයෙන් කොටි පරාජය වීම ඇත්තෙන්ම කතෝලික සභාවේ හා එහි ප්‍රධානී කාදිනල් මැල්කම් රංජිත්ගේගේ පුද්ගලික පරාජයක්. එය පාස්කු ප්‍රහාරයේ එක් ප්‍රබල මහමොළකරුවෙකුගේ ආත්මයම කඩා වැටීමක්.
ශ්‍රී ලංකාවේ අධිකරණ කටයුතු මෙහෙයවන දිලීප පිරිස වැනිි පුද්ගලයෙක් අප නොදන්නා කිසියම් හේතුවක් නිසාවෙන් කාදිනල්ගේ වෘක ක්ෂුධාව පිනවීමට තමන් දන්නා දේ මෙන්ම නොදන්නා දේත් පාවිච්චි කරමින් උසාවිය නොමඟ යැවීමට උත්සාහ කරන බව ඉතාමත් පැහැදිලියි.
සලේව දින 100ක් තිස්සේ රෝහල් ඇඳක් මත තබාගෙන "නැති ලෙඩවල්" වලට බොරුවට සාත්තු සප්පායම් කිරීමෙන් දොස්තරවරුන් ක්‍රියාත්මක කරන්නේ කුමන්ත්‍රණයක්ද යන්න සොයා බැලිය යුතු බව දිලීප උසාවියට දන්වනවා.
වෘත්තියෙන් නීතිඥයෙක් වුණත් චින්තනයෙන් නොමේරූ බාල වයස්කාරයෙක් හැසිරෙන අන්දමින් දොස්තරලාටත් දෝෂාරෝපණය කරන පහත් තත්ත්වයට ඇද වැටීම ඇත්තෙන්ම ලැජ්ජාවට කරුණක්.
මාගේ මිත්‍රයෙක් වන හිටපු නීතිපති මොහාන් පීරිස් එම තනතුරේ ගෞරවයත් අධිකරණයේ ගෞරවයත් ආරක්‍ෂා කර ගනිමින් කටයුතු කළ ආකාරය දිලීප පීරිස් වැන්නන්ට ආදර්ශයක්.
නමුත් අවාසනාව රජයන පරිහානි යුගයක ජාතියේ මුරදේවතාවකු වැනි විශ්‍රාමලත් මේජර් ජෙනරල් සුරේෂ් සලේ වැනි සැබෑ ලංකාපුත්‍රයෙකුට මේ අන්දමින් ගැරහීම සමස්ත ලාංකික ජනතාව විසින්ම පිළිකුල් සහගතව හෙළා දැකිය යුතුයි.
- Prof.Dr. Edward M Perera
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?