සහරාන්ව කවදාවත් දැකලත් නෑ.. කතා කරලත් නෑ.. සම්බන්ධයකුත් නෑ.. - රිෂාඩ් බදියුදීන් කියයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් සමඟ තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඔහු කිසිදු අවස්ථාවක දැක හෝ කතා කර නොමැති බවත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අම්පාර, නින්දවූර් ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ද වින්දිතයෙකු බවයි රිෂාඩ් බදියුදීන් එහිදී සඳහන් කළේ.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, මුස්ලිම් ප්‍රජාව හෝ මුස්ලිම් දේශපාලන නායකයින් සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට කිසිවිටෙකත් සහාය නොදුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූවන්ට නිසි යුක්තිය ඉටු විය යුතු බවට මුස්ලිම් ප්‍රජාව අධිෂ්ඨාන කරගෙන සිටින බවද ඔහු සඳහන් කළේය.
දේශපාලනඥයෙකු ලෙස තමන්ද මෙම සිද්ධිය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ බව පවසන රිෂාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජාතික පක්ෂයක නායකයෙකු ලෙස කථානායකවරයාටවත් නොදන්වා තමන්ව එක රැයකින් අත්අඩංගුවට ගෙන සිරගත කළ බවද පවසා සිටියේය.
එමෙන්ම, තමන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවයි ඔහු පැවසුවේ කළේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවංක සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සත්‍යය හෙළිදරව් කළ යුතු බවද රිෂාඩ් බදියුදීන් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..