ශ්‍රී ලංකා ආර්ථිකයේ ගම්‍යතාව අඩුවේ.. වහා ප්‍රතිසංස්කරණ අවශ්‍යයි..- ධනනාත් ප්‍රනාන්දු
මෙරට ආර්ථික වර්ධන වේගය නැවතත් මන්දගාමී තත්ත්වයකට පත්වෙමින් පැවතීම සහ වර්තමාන ආර්ථික මට්ටම තවමත් 2018 වසරේ පැවති තත්ත්වයටවත් ළඟා වී නොමැති වීම පිළිබඳව Advocata ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හා ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා දැඩි අවධානය යොමු කරයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත විශ්ලේෂණය කරමින් ඔහු පෙන්වා දෙන්නේ, මේ වසරේ පළමු කාර්තුවේදී 5.1%ක් ලෙස සටහන් වූ ආර්ථික වර්ධනය, දෙවන කාර්තුව වන විට 4.2% දක්වා පහත බැස ඇති බවයි. ආර්ථිකය යම් පමණකින් වර්ධනය වුවද, එහි වේගය මෙලෙස අඩාල වීම රටේ අනාගතයට සුබදායක ප්‍රවණතාවක් නොවන බව ඔහු අවධාරණය කරයි.
දළ දේශීය නිෂ්පාදිතය (GDP) පිළිබඳ සංසන්දනාත්මකව බලන කල, දෙවන කාර්තුවේ වාර්තා වූ රුපියල් බිලියන 3,029.8ක දදේනි අගය, 2018 දෙවන කාර්තුවේ පැවති රුපියල් බිලියන 3,121.5ක අගයට වඩා 2%කින් පමණ තවමත් අඩු මට්ටමක පවතී. මෙයින් ගම්‍ය වන්නේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනතාවගේ ජීවන මට්ටම වසර 8ත් 10ත් අතර කාලයකින් ආපස්සට ගොස් ඇති බවයි.
ක්ෂේත්‍රමය වශයෙන් විමසා බැලීමේදී, දෙවන කාර්තුවේදී කෘෂිකාර්මික අංශය 2.3%ක සංකෝචනයක් වාර්තා කර ඇති අතර, විශේෂයෙන්ම වී නිෂ්පාදනය 15.1%කින් සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන 15%කට ආසන්න ප්‍රමාණයකින් පසුබෑමට ලක්ව තිබේ. කෙසේ වෙතත්, ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ (13.9%) සහ පතල් හා කැනීම් ක්ෂේත්‍රයේ (17.4%) ලැබූ වර්ධනය හේතුවෙන් කාර්මික අංශය 7.3%ක වර්ධනයක් සටහන් කර ඇති අතර, සේවා අංශය 2.7%ක සාමාන්‍ය වර්ධනයක් ලබාගෙන ඇත.
ආර්ථික වර්ධන වේගය අඩාල වීම සාමාන්‍ය ජනතාවගේ ආදායම් මාර්ග සහ වැටුප් ඉහළ යාමට සෘජුවම බාධා පමුණුවන බව පෙන්වා දෙන ධනනාත් ප්‍රනාන්දු මහතා, එමඟින් දරිද්‍රතාවය ඉහළ යාමේ සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව රට නැවතත් ණය අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවයි.
එමෙන්ම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යාමට ද මෙය බාධාවක් විය හැකිය. මෙම අවදානම් තත්ත්වයෙන් මිදීමට නම් දිගුකාලීනව ආර්ථික වර්ධන වේගය 6%ත් 7%ත් අතර මට්ටමක පවත්වා ගත යුතු අතර, ඒ සඳහා දේශපාලන බලය අල්ලා ගැනීමට එහා ගිය ඉඩම්, ශ්‍රම වෙළෙඳපොළ සහ රාජ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ පුළුල් ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..