News Category
From Date
To Date
Maximum Number of Result

නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..

Sep 19, 2026 at 05:36 AM
|

රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කෙරිණි.

මෙම ඇප ඉල්ලීමට අදාළ විත්තියේ ලිඛිත දේශන ලබන 22 වනදා ඉදිරිපත් කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ ලිඛිත දේශන ලබන 25 වනදා ගොනුකරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළේය.

මෙම නඩුකරය අද (18) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනී... මෙම අල්ලස් චෝදනාවට සම්බන්ධ තවත් නඩුකරයකට මෙම සැකකරු පෙරේදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ නඩුකරයකටයි ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ. මෙම සිද්ධිය යටතේ අල්ලස් චෝදනා මෙන්ම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා දෙවර්ගයම අනාවරණය වීම නිසා මෙම පරීක්ෂණය අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කරනු ලබනවා. දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙවැනි විමර්ශනයකට නීතිපතිවරයාගේ සහය ලබා ගැනීමටත් අල්ලස් කොමිසමට හැකියාව තිබෙනවා." යනුවෙන් සඳහන් කළේය.

වැඩිදුරටත් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දන්වා සිටී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා "ස්වාමීනී.. මෙම විමර්ශනයට අදාළව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. කථානායක නිල නිවසේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ ශමින්ද්‍ර රාජපක්ෂ නමැති සැකකරු විදේශගතව සිටීම පිළිබඳව චමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශය සටහන් කර ගනු ලැබුවා. ඊට අමතරව සුසන්ත චමින්ද රත්නායක සහ දිමුතු සංජය නමැති පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවුණා. මේක 2012 වසර දක්වා දිවෙන විමර්ශනයක්. මෙම සිද්ධියේ පළමු වන සැකකරුවන කපිල චන්ද්‍රසේන මේ වන විට මියගොස් සිටිනවා. දෙවන සැකකාරියවන ප්‍රියංකා නියෝමාලි විජේනායක ඕස්ට්‍රේලියාවට පලා ගොස් තිබෙනවා. තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂත් ඇමරිකාවට පලා ගොස් තිබෙනවා. ඊට අමතරව  සැකකාර නාමල් රාජපක්ෂ සහ සාක්ෂිකාර නිමල් පෙරේරා සිටින ඡායාරූප හමුවී තිබෙනවා. ඒ ඔස්සේත් වැඩිදුර විමර්ශන සිදුවෙනවා. මෙම සැකකරුට අදාළව දූෂණ විරෝධී පනතේ එකසිය 149 වන වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා. සහතිකයක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක ඔබතුමාගේ අධිකරණයට ඇප ලබා දිය හැක්කේ සුවිශේෂී කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණයි. පසුගිය වතාවේ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සුවිශේෂි කරුණු නොවන බවට ඔබතුමා තීරණය කරලා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා." ඒ අනුව මෙම සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඇමතූ මහේස්ත්‍රාත්වරයා “මෙම නඩුකරයේ සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මෙම අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළා. ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?” යනුවෙන් විමසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ "මේ වනවිට අමෙරිකාවට පලා ගොස් සිටින ශමින්ද්‍ර රාජපක්ෂ නමැති සැකකරු සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුවට අදාළව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පලා ගොස් සිටින දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජෙනායක සම්බන්ධයෙන් රතු නිවේදන ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. මෙම කටයුතු කඩිනමින් ඉටුකර ගැනීම සඳහා සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කිරීම අවශ්‍යයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතුවල ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒවා අපි අධ්‍යයනය කරමින් සිටිනවා. එම නිසා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරලා සියලුම සැකකරුවන්ට එරෙහිව කඩිනමින් අධි චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වෙනවා." යනුවෙන් සඳහන් කළේය.

ඉන් අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනී... පසුගිය වතාවේ සුවිශේෂී කරුණු නොමැති බව බව තීරණය කරමින් ඔබතුමා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. නමුත් ඉන් පසුවත් මේ සැකකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු මතුවී තිබෙනවා. ස්වාමීනි... එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වී තිබෙනවා. ඊට අදාළ වාර්තාවේ කිසිදු ස්ථානයක මේ සැකකරුගේ නම සඳහන් වී නැහැ. මේ සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටින්නේ නිමල් පෙරේරා නමැති පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශයකට අනුවයි. ඕස්ට්‍රේලියාවේ සිටින නිමල් පෙරේරා නමැත්තා එක් අවස්ථාවක ප්‍රකාශයක් ලබා දී සඳහන් කර තිබුණා මේ මුදල් පැමිණියේ තමන්ගේ ගිණුමකට නොවන බවට. ඒ වගේම නිමල් පෙරේරා  අසත්‍ය ප්‍රකාශ සිදු කළ බවට එක් අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවලින් කරුණු දක්වා තිබුණා. මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අල්ලස් මුදල නිමල් පෙරේරාගේ ගිණුමට ඇවිත් තිබෙනවා නම් ඔහු අපරාධ සහායකයකු වශයෙන් ඉදිරිපත් කළ යුතුයි. ඊට අමතරව රිමාන්ඩ් භාරයේ සිටින මෙම සැකකරුට ඉන්දීය රජයෙන් ආරාධනාවක් ලැබී තිබෙනවා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට. ඔහු රිමාන්ඩ් බාරයට පත්ව සිටීම නිසා එම සංචාරයත් අවලංගු කිරීමට සිදුවෙනවා. මෙයත් සුවිශේෂී කරුණක් වශයෙන් සලකන මෙන් මා ඉල්ලා සිටිනවා. ඊට අමතරව ඉදිරියේදී හිඟුරක්ගොඩ වාර්ෂික ඇසළ පෙරහැර පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම පෙරහැර දෙවැනි වන්නේ මහනුවර දළදා පෙරහරට පමණයි . එම පෙරහර පැවැත්වෙන අවස්ථාවේ එනම් සැප්තැම්බර් මස 26 වන දා රාත්‍රී 7.42 ට හඟුරන්කෙත විහාරස්ථානයක කොත  තැන්පත් කිරීම සඳහා විහාරාධිපති හිමියන් විසින් මෙම සැකකරුට ආරාධනා කර තිබෙනවා. නමුත් මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටීම නිසා එම කටයුත්තත් ඉටුකිරීමට නොහැකි වෙනවා. ඒක ආරාධනාව කළ ස්වාමීන් වහන්සේට කරන අගෞරවයක්" මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය

එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා "ස්වාමීනී... නිමල් පෙරේරා නමැති පුද්ගලයාගේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ඔබතුමා පසුගිය වතාවේ නියෝගයක් ලබා දුන්නා. එම සාක්ෂිකරුගේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දිය හැක්කේ නඩු විභාගයකදී පමණයි. මේ අවස්ථාවේදී ඒ පිළිබඳව සලකා බැලීමට හැකියාවක් නෑ. ඒ නිසා එය සුවිශේෂී කරුණක් වශයෙන් සලකන්න බෑ. ඉන්දියානු සංචාරය මෙන්ම විහාරස්ථානයක කොත තැන්පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණුත් සුවිශේෂී කරුණු වශයෙන් සැලකීමට හැකියාවක් නැහැ. මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් තීන්දුවක් ලබා දුන්නා. එම තීන්දුව තුළින් අවධාරණය කර තිබෙනවා බුද්ධ දර්ශනය අනුව දූෂණයෙන් මිදී කටයුතු කළ යුතු ආකාරය. අංගුත්තර නිකාය හා සූත්‍ර පිටක ඔස්සේ විනිසුරුතුමා බෞද්ධ දර්ශනයට අනුකූලව දූෂණයෙන් මිදීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා. ඒ වගේම ධර්මානුකූලව කටයුතු කළ යුතු ආකාරය ගැනත් කරුණු පැහැදිලි කර තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවෙනවා නම් හොඳයි. නමුත් මෙම කරුණු සුවිශේෂී කරුණු හැටියට සලකන්න බෑ. "වැලිගම බේ"  නමැති සිද්ධියක් සම්බන්ධයෙනුත් මේ වන විට විමර්ශනයක් පැවැත්වෙනවා. එහිදීත් රුපියල් මිලියන 175 කට අධික සැක කටයුතු මුදල් ලැබීමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම මුදලත් ලැබී තිබෙන්නේ නිමල් පෙරේරගේ ගිණුමට" එම නිසා මෙම අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන නාමල් රාජපක්ෂ නමැති සැකකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේය.

දෙපාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

- අද දෙරණ

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ පවත්වා තිබේ.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.