22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සිවිල් සමාජ නියෝජිතයන් සහ ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක්..
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට, ජනතා පරමාධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේදී පැවැත්විණි.
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානයේ නියෝජිතයන් ඇතුළු විවිධ සිවිල්, වෘත්තීය හා නීතිමය සංවිධාන නියෝජනය කරන පිරිසක් සහ ජාතික නිදහස් පෙරමුණ අතර මෙම සාකච්ඡාව පවත්වා ඇත.
ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය සුපුන් ජයසිංහ මහතා මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් ඇති කිරීමේ අවශ්‍යතාව, එහි ව්‍යවස්ථාමය හා ප්‍රජාතන්ත්‍රවාදී බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
මෙම අවස්ථාවට ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රීවර්ණසිංහ, සම බිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න, වෘත්තීයවේදී රවි කුමුදේශ්, නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම, වෘත්තීයවේදී සමන් රත්නප්‍රිය, වෘත්තීයවේදී තුසිත පෙරේරා, වෘත්තීයවේදී උදේනි දිසානායක සහ නීතිඥ ආශා කහවිට යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.
පවතින මතභේද පසෙක තබා, ව්‍යවස්ථාමය හා ප්‍රජාතන්ත්‍රවාදී කරුණු සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් සහ සාමූහික ප්‍රවේශයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී නියෝජිතයන්ගේ විශේෂ අවධානයට යොමු විය.
තවද, මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඉදිරි දේශපාලන හා සමාජ ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සැප්තැම්බර් 17 වැනිදා පස්වරු 5.00ට කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද මෙහිදී වැඩිදුරටත් අනාවරණය කෙරිණි.






සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..