අපට පූර්ණ රාජ්‍ය බලය තවමත් ලැබී නෑ.. ලැබී ඇත්තේ ආණ්ඩු බලය පමණයි.. - නි. ඇමති ප්‍රසන්න ගුණසේන
ජනතාව ඡන්දය ප්‍රකාශ කර ලබා දී ඇත්තේ ආණ්ඩු බලය පමණක් බවත්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමේ පූර්ණ රාජ්‍ය බලය තවමත් රජයට හිමි වී නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ තරුණ සමුළුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජනාධිපති ධුරය, ආසන 159ක පාර්ලිමේන්තු බහුතරය සහ අමාත්‍ය මණ්ඩලය හිමිවීම හරහා ජනතාව තනි දිනකින් ආණ්ඩු බලය ලබා දුන්නද, රාජ්‍ය බලය එක රැයකින් ලබාගත නොහැකි බවයි.
ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන සියලු ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා බැවින්, එම යාන්ත්‍රණය තමන්ට අවශ්‍ය පරිදි ප්‍රතිසංවිධානය කර ගැනීමට යම් සංක්‍රාන්ති කාලයක් ගතවන බවත්, වත්මන් ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ එම පරිවර්තනීය යුගය තුළ බවත් ඔහු කියා සිටියේය.
1971 හෝ 1988/89 වකවානුවල මෙන් සන්නද්ධ අරගලයක් ඔස්සේ බලය ලබා ගත්තේ නම් ආණ්ඩු බලය මෙන්ම රාජ්‍ය බලයද එකවර අත්පත් කර ගැනීමට ඉඩ තිබූ බව පැවසූ ඒ මහතා, එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ඔස්සේ බලය ලබා ගැනීමේදී රාජ්‍ය බලය සම්පූර්ණයෙන්ම හිමි කර ගැනීමට කාලයක් ගතවන බව සඳහන් කළේය.
ලෝක දේශපාලන ඉතිහාසය තුළ වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලබාගෙන රටක් සංවර්ධනය කරා මෙහෙයවන ප්‍රථම අවස්ථාව මෙය බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා අතීතයෙන් උගත හැකි වෙනත් ආදර්ශ නොමැති බවද අවධාරණය කළේය.
ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ පිහිටා රාජ්‍ය යාන්ත්‍රණය නිවැරදි දිශානතියකට ගෙන යමින් රට ගොඩනැඟීමේ අභියෝගය ජය ගැනීම වත්මන් පාලනයේ ප්‍රධාන කාර්යභාරය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..