මට එරෙහි පුවතක් ප්‍රචාරය නොකර සිටීමට ලක්ෂ 10ක කප්පමක් ඉල්ලුවා.. මං නඩු පවරනවා..- ජගත් විතාන කියයි
සංජය මහවත්ත නැමැති සිවිල් ක්‍රියාකාරිකයකු තමන්ට එරෙහි ඉඩම් ගනුදෙනු පිළිබඳ පුවත මාධ්‍ය මඟින් ප්‍රචාරය නොකර සිටීම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් වක්‍රාකාරයෙන් ඉල්ලා සිටි බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා චෝදනා කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාළ සිදුවීම ප්‍රචාරය කිරීමට පැමිණිලිකාර පාර්ශ්වයෙන් රුපියල් ලක්ෂ 5ක් ඉල්ලා ඇති අතර, එය මාධ්‍ය මඟින් ප්‍රචාරය නොකර යටපත් කිරීමට තමන්ගෙන් වක්‍රාකාරයෙන් රුපියල් ලක්ෂ 10ක් ඉල්ලා සිටි බවයි.
තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බැවින් එම මුදල ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත අසත්‍ය තොරතුරු ලබා දෙමින් තමන්ට අපහාස කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු පැවසීය.
අදාළ ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ වසර 15කට පමණ පෙර මිලදී ගත් ඉඩමක් නීත්‍යනුකූලව විකිණීමට කටයුතු කළ බවයි.
මීට පෙර මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවේදී අදාළ අත්සන් නිවැරදි බවට රජයේ රස පරීක්ෂක වාර්තා මඟින් පවා තහවුරු වී තිබූ අතර, අදාළ පාර්ශ්වයට රුපියල් 2,50,000ක මුදලක් ගෙවා සියලු කටයුතු බැංකු ගිණුම් සහ නීතිඥවරුන් ඉදිරියේ ලිඛිත සාක්ෂි සහිතව අවසන් කළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
සිදු වූ අපහාසයට එරෙහිව මේ වන විටත් අදාළ පාර්ශ්ව වෙත එන්තරවාසි යවා ඇති අතර, ඉදිරියේදී වන්දි ඉල්ලා නඩු පවරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..