අනුරාධපුරේදී දැක්කේ ලංකාවේ ඉතිරි අන්තිම ගෝත්‍රිකයෝ ටික.. – ජනපති
මෙරට සමාජය තුළ තවමත් ඉතිරිව සිටින්නේ හොරකමට සහ දූෂණයට අත්පොළසන් දෙන ඉතා සුළුතරයක් වූ ගෝත්‍රික කණ්ඩායමක් බවත්, පසුගිය දා අනුරාධපුර නගරයේදී දක්නට ලැබුණේ එම සුළු පිරිස බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
'අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි' තේමාව යටතේ කහටගස්දිගිලිය සති පොළ භූමියේදී පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
"අපේ සමාජයේ අතිශය සුළුතරයක් වූ ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා. ඊයේ අනුරාධපුරයේදී අප දුටුවේ ඒ කණ්ඩායමයි. මුළු රටේම ඉන්නේ එපමණයි. ඔවුන් පවසන්නේ කුමක්ද? හොරා කෑවට කමක් නැහැ, හිරේ යවන්න එපා කියලයි. සමහරු ‘අපේ හොරා අපිට හොඳයි’ කියමින් පෙළපාලි යනවා, හොරුන්ට අත්පොළසන් දෙනවා. එහෙම සමාජයක් තියෙන්න පුළුවන්ද? එහෙම තියන්න ඕනෙද? එලෙස කිසිවෙකුට හෝ නීතියෙන් බේරී සිටීමට ඉඩ නොතබන බව තරයේ මතක තබාගත යුතුයි.
කහටගස්දිගිලියේ එවැනි දූෂිතයන් සහ වංචනිකයන් පසුපස යන, ඔවුන් හිරේ දාන්න එපා යැයි කියන අය නැහැ. මුළු රටේම ඉන්නේ එවැනි ඉතාම සුළු පිරිසක් පමණයි. ඒ නිසා මෙම තත්ත්වය වෙනස් කිරීමට සමස්ත සමාජයටම විශාල වගකීමක් තිබෙනවා. රජයක් හැටියට මා නීතිය ක්‍රියාත්මක කරමින් වංචනිකයන්ට, දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබාදීමට අවශ්‍ය නීතිමය යාන්ත්‍රණය මේ වන විටත් සකස් කර තිබෙනවා." යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..