2015න් පසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය කර නෑ.. සමස්ත සෞඛ්‍ය සේවයම බිඳවැටීමේ අවදානමක.. - GMOA
සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
දශක ගණනාවක් පුරා අඩු පිරිවැයකින් ඉහළ ඵලදායිතාවයක් පෙන්වමින් ජාත්‍යන්තරයේ පවා පැසසුමට ලක්වූ ශ්‍රී ලංකාවේ නොමිලේ සෞඛ්‍ය සේවාව, වත්මන් පරිපාලනමය හා ප්‍රතිපත්තිමය ගැටලු හමුවේ මෙලෙස දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
සාමාන්‍ය සම්ප්‍රදායට අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමිතීන් නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා වසර පහකට වරක් පුරප්පාඩු සංශෝධනය කළ යුතුව තිබුණද, දිවයිනම ආවරණය වන පරිදි අවසන් වරට එවැනි පූර්ණ සංශෝධනයක් සිදුකර ඇත්තේ 2015 වසරේදීය.
කෙසේ වෙතත්, පසුගිය වසර දහයක කාලය තුළ රෝහල් වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව, සිදුකරන ශල්‍යකර්ම හා පරීක්ෂණ ප්‍රමාණය අතිමහත් ලෙස ඉහළ ගොස් ඇත. එපමණක් නොව, නව රෝහල් සහ විශේෂිත සුව සේවා ඒකක රැසක් ආරම්භ කිරීමත්, නවීන තාක්ෂණික ක්‍රමවේද සහ සංකීර්ණ ප්‍රතිකාර ක්‍රම භාවිතයට එක්වීමත් සිදුවී තිබේ. මේ සියලු වර්ධනයන් සිදුවී ඇත්තේ 2015 වසරේ පැවති පැරණි අනුමත කාර්ය මණ්ඩල සීමාවන් මත පිහිටා බැවින්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. පසුගිය ආර්ථික අර්බුදයත් සමඟ දහස් ගණනක් වෛද්‍යවරුන් රට හැර යාම නිසා මෙම තත්ත්වය තවත් දරුණු අතට හැරී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මඟින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණයන් තීරණය කිරීම සඳහා පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද පැවතුණද, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි ක්‍රමවේදයක් අනුගමනය නොකරන බවට සංගමය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් සති දෙකකට පමණ ඉහතදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීම් කළද, මේ දක්වා කිසිදු සාධනීය පිළිතුරක් ලැබී නොමැත. වත්මන් රජය විසින් යෝජනා කරන සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට නම් ප්‍රමාණවත් පුහුණු කාර්ය මණ්ඩලයක් අත්‍යවශ්‍ය බැවින්, තවදුරටත් ප්‍රමාද නොකර වහාම සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..