දළදා වහන්සේ වෙනුවෙන් අලුතෙන් රන් කරඬුවක්.. - කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04යි..
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවට අනුව මෙම මහ කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04ක් බවත් එහි රත්තරන් කිලෝග්‍රෑම් 65.224ක්, විවිධ මැණික් ගල් කිලෝග්‍රෑම් 1.480ක් සහ පැස්සුම් සඳහා භාවිත කළ උපකාරක ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.822ක් අඩංගු බවයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහා නා හිමි සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටීම පිණිස අභිනවයෙන් පූජා කළ මෙම ස්වර්ණමය මහ කරඬුවක් සම්බන්ධයෙන් සමාජගත වන සාවද්‍ය තොරතුරු පැහැදිලි කරමින් මෙම ලිපිය යොමුකර තිබේ.
එම නිල දැනුම්දීමට අනුව අනාවරණය කර ඇත්තේ මෙම ස්වර්ණමය මහ කරඬුවේ පූජා කර්මය 2026 සැප්තැම්බර් 08 වන දින මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා, දියවඩන නිලමේතුමා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ සහභාගීත්වයෙන් චිරාගත සම්ප්‍රදායානුකූලව මෙම පුණ්‍යකර්මය සිදුකර ඇති බවයි.
ඇතුල්කෝට්ටේ පදිංචි කමන්ත අමරසේකර ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතෛෂීන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සහ මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුමැතිය ඇතිව මෙම කරඬුව නිර්මාණය කර ඇත.
දෙවැනි විමලධර්මසූරිය රජු විසින් ආරම්භ කර කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සම්පූර්ණ කරන ලද, සුවිශේෂී ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි රන් ආලේපිත රිදී මහ කරඬුව එහි අනන්‍යතාව සුරැකෙන පරිදි ශ්‍රී දළදා මාලිගාවේ අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කිරීමට පියවර ගනිමින් තිබේ.
1853 ආඥා පත්‍රය ප්‍රකාරව ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව, තේවාව සහ සියලු අයිතිවාසිකම් උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇති අතර, ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ පවතින සුවිශේෂී ගෞරවය හා භක්ත්‍යාදරය ලෝකවාසි ජනතාව හමුවේ තහවුරු කිරීම මෙම පූජාවේ ප්‍රධාන පරමාර්ථය වූ බව ද එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..