ශ්‍රී ලන්කන් පාඩු ලබන්නේ පරිපාලන ප්‍රශ්නයක් නිසා.. ඒවාට විසඳුම් නොදී A 350 යානා ගැනීමෙන් හෝ ගුවන්තොට විශාල කිරීමෙන් ඵලක් නෑ - ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ සොනාල් ප්‍රනාන්දු
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.
අපේ කටුනායක ගුවන්තොටුපළ හැමදාම හදන බවත් දැනට තිබෙන ගුවන්තොටුපළ තවත් වසර 20 කට 30 කට ප්‍රමාණවත් බවත් කටුනායකදී ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.
"අපේ ගුවන්තොටුපළ ලොකුවට හැදුව කියලා සංචාරකයෝ වැඩි වෙන්නේ නැහැ. අපේ රට දූපත් රටක්. අපේ රට ඩුබායි ගුවන්තොටුපළට සමානව සංවර්ධනය කිරීමෙන් සංචාරකයෝ වැඩිවෙන්නේ නැති නිසා දූපත් රටකට සංචාරකයන් ගෙන්වා ගන්නවා වගේ වැඩපිළිවෙළක් අපි සකස් කරන්න ඕනෑ.
අපේ ගුවන් සමාගම පාඩු ලබන්නේ ගුවන් යානා හෝ ඉන් සපයන සේවාවන් නිසා නොවෙයි. අපේ තියෙන්නේ පරිපාලනමය ප්‍රශ්නයක්. ඒකට විසඳුම් නොදී A 350 ගුවන් යානා ගෙනඒම හෝ ගුවන්තොටුපළ විශාල කරල වැඩක් නැහැ.
ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි ගුවන් යානා මිලදී ගැනීමේදී කොමිස් ලැබෙන එක. ගුවන් යානයක් මිලදී ගැනීමේදී එම ගුවන් යානය මිලදී ගන්නා අයට ලැබෙන කොමිස් මුදල ගුවන් යානය විකිණීමේ මිලට ඇතුළත්වෙලා තියෙනවා. එම කොමිස් මුදල නොගත්ත කියලා ගුවන් යානයේ මිල අඩුවෙන්නේ නැහැ.
ඇත්තටම කියනවා නම් ගුවන් යානා මිලදී ගැනීම කියන්නේ මාෆියාවක්. ඇතැම් අවස්ථාවල කොමිස් මුදල ගන්නේ නැත්නම් ගුවන් යානා ගනුදෙනුව පවා සිදුනොවුණු අවස්ථා තියෙනවා. ඇතැම් අවස්ථාවල ගුවන් යානා නිෂ්පාදනය කරන සමාගම්වලට වඩා අඩු මුදලකට අතරමැදියන්ගෙන් ගුවන් යානා මිලදී ගැනීම වාසිසහගත වෙනවා. එහෙම සිදුවන්නේ ඔවුන්ට ලැබෙන කොමිස් මුදලට ගුවන් යානය මිලදී ගෙන යම් ලාභයක් තබාගෙන ගුවන් යානය විකිණීමේදී ගැනුම්කරුට සහ විකුණුම්කරුට ද ලාභයක් පවතින නිසයි.
ලෝකයේ ජනප්‍රිය ගුවන් සමාගම් ගුවන් යානා නිෂ්පාදකයාගෙන් එකවර ගුවන් යානා 30 ක් 40 ක් මිලදී ගත්තත් අපි වගේ කුඩා රටක් නිෂ්පාදකයාගෙන් ගුවන් යානයක් දෙකක් මිලදී ගැනීමට ගියොත් විශාල මුදලක් ගෙවන්න වෙනවා. නමුත් ගුවන් යානා විශාල වශයෙන් මිලදී ගන්නා සමාගමකින් ගුවන් යානයක් මිලදී ගැනීමට යෑමේදී නිෂ්පාදකයාගෙන් ගන්නා මුදලට වඩා අඩුවෙන් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. එවැනි ගනුදෙනුවක් බොහෝ විට සිදුවන්නේ අතරමැදියන් හරහා වීම ද විශේෂයි."
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..