මාලිමාවේ මන්ත්‍රී එළුවෙක් හොරකං කරලා උසාවියේ නඩුවක් තිබුනා...- රාමනාදන් අර්චුනා..
ජාතික ජන බලවේගය නියෝජනය කරන උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ජංගම දුරකතනයක් සහ එළුවකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බවත්, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම නඩුව අවසන් කරගෙන ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුව අමතමින් චෝදනාවක් එල්ල කළේය.
සභා ගර්භය අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව ජංගම දුරකතනයක් සහ කුඩා එළුවකු සොරකම් කිරීමේ චෝදනා මත 2022 වසරේදී යාපනය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පැවති බවයි.
කෙසේ වෙතත්, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමෙන් පසු ප්‍රධාන සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර පොලිසිය මඟින් එම නඩුව ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බවට හෙතෙම චෝදනා කළේය.
අවශ්‍ය නම් අදාළ නඩු අංක සහ අධිකරණ ලේඛන පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ ඉදිරිපත් කර මෙය සනාථ කිරීමට තමන් සූදානම් බව පැවසූ අර්චුනා මහතා, මෙය කිසිසේත්ම අසත්‍ය ප්‍රකාශයක් නොවන බවත්, අධිකරණයේ විභාග වී අවසන් වූ සත්‍ය නඩුවක් බවත් අවධාරණය කර සිටියේය.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයට සභාවේ සිටි මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික චරිත ඝාතනය වන ආකාරයෙන් අසත්‍ය කරුණු ප්‍රකාශ නොකරන ලෙසත්, සභාව නොමඟ යැවීම සම්බන්ධයෙන් අර්චුනා මන්ත්‍රීවරයා වහාම සමාව ගත යුතු බවත් ඔවුහු පෙන්වා දුන්හ.
අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ පාර්ශ්වයන් සඳහන් කළේ, පසුගිය පාලන සමයන්හිදී දේශපාලන පළිගැනීම් සහ අසත්‍ය චෝදනා මත ගොනු කළ නඩු පිළිබඳ සත්‍ය අසත්‍යතාව සොයා බැලිය යුතු බවත්, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ සිදු කිරීම නුසුදුසු බවත්ය.
ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා යළිත් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්නේ නම් අදාළ නඩුවේ සහතික කළ පිටපත් ඉදිරිපත් කර තම ප්‍රකාශය ඔප්පු කිරීමට තමන් සූදානම් බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..