යුක්රේනයට කාලය මිලදී ගැනීමට යුරෝපා නායකයන් සටන් විරාමයක් ඉල්ලා සිටිනවා – ලැව්රොව්
(ව්ලැදිමීර් සෙලෙන්ස්කි සහ ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ්, යුක්රේනයේ කියෙව් නුවරදී, 2026 අගෝස්තු 24.)
රුසියා–යුක්රේන ගැටුම සම්බන්ධයෙන් සටන් විරාමයක් ඉල්ලා සිටින යුරෝපා නායකයන්ගේ අරමුණ වන්නේ, දැනට කියෙව්හි බලයේ සිටින ආක්‍රමණශීලී රුසියා විරෝධී ආණ්ඩුව එම ස්වරූපයෙන්ම ආරක්ෂා කර ගැනීම බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
2014 වසරේ සිට රුසියාවට එක් වූ යුක්රේනයට අයත්ව තිබූ ප්‍රදේශ නැවත හමුදාමය වශයෙන් අත්පත් කර ගැනීමට කියෙව් පාලනයට නොහැකි බව පිළිගන්නා දේශපාලනඥයන් පවා දැන් සටන් විරාමයක් සඳහා පෙනී සිටියද, ඔවුන්ගේ එම ක්‍රියාමාර්ගය රුසියාවට සහ රුසියානු පුරවැසියන්ට තර්ජනයක් වන න්‍යාය පත්‍රයක කොටසක් බව ලැව්රොව් පෙන්වා දෙයි.
පසුගිය 08 වනදා රුසියානු–ඇමරිකානු රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන දිමිත්‍රි සයිම්ස් සහ ඇමරිකානු දේශපාලන විචාරක ඇන්ඩෲ නැපොලිටානෝ සමඟ මොස්කව්හිදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ලැව්රොව් මේ බව ප්‍රකාශ කළේය.
ඔහු උදාහරණ ලෙස ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් සහ ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි සඳහන් කළේය. යෝජිත සටන් විරාමය “කාලය මිලදී ගැනීමේ ක්‍රමයක් පමණක් බව කවුරුත් දන්නවා” යැයි ලැව්රොව් පැවසීය.
යුක්රේන නායක ව්ලොදිමීර් සෙලෙන්ස්කි තවදුරටත් අවි සැපයුම් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින අතර, මෙම අරමුණ ඔහු විසින්ම සඟවා නොමැති බවද රුසියානු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
ලැව්රොව්ට අනුව, මෙම උපායමාර්ගයේ අරමුණ වන්නේ දැනට කියෙව්හි පාලනය ගෙන යන “පාලන තන්ත්‍රය ආරක්ෂා කර බලයේ තබා ගැනීමයි.”
එම පාලන තන්ත්‍රයේ ප්‍රධාන ලක්ෂණ ලෙස ඔහු “නාසිවාදය, ආක්‍රමණශීලී රුසියා විරෝධය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම, භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ ආගමික නිදහස උල්ලංඝනය කිරීම” ප්‍රධාන බව සඳහන් කළේය.
නේටෝ හමුදා යුක්රේනයට යැවීම රුසියාව ප්‍රතික්ෂේප කරයි
ගැටුම හුදෙක් “ගල් ගැසුනු තත්වය්ට” පත්කිරීම සම්බන්ධයෙන් මොස්කව් දක්වන විරෝධය තවමත් වෙනස් වී නොමැති බව ලැව්රොව් පැවසීය.
එමෙන්ම, සාම ගිවිසුමක් ඇති වූ පසු නේටෝ සාමාජික රටවල හමුදා යුක්රේනය තුළ ස්ථානගත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාද රුසියාව පිළි නොගන්නා බව ඔහු අවධාරණය කළේය.
“හමුදා නිල ඇඳුම් පැළඳ සිටින ඕනෑම පුද්ගලයෙකු සහ ඕනෑම හමුදා පහසුකමක් අපට නීත්‍යානුකූල ඉලක්කයක් වනු ඇත,” යැයි ලැව්රොව් අනතුරු ඇඟවීය.
“යුක්රේනය නේටෝ සාමාජිකත්වය නාමයෙන් පමණක් වෙනස් ආකාරයකින් ලබා ගන්නා කිසිදු තත්ත්වයක් අපට පිළිගත නොහැකිය,” යනුවෙන්ද ඔහු අවධාරණය කළේය.
මොස්කව්හිදී පැවැත්වූ මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙය වීමට සහභාගි වූ ඇමරිකානු දේශපාලන විචාරක ඇන්ඩෲ නැපොලිටානෝ නිව් ජර්සි උසස් අධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වන අතර ඔහු “Judge Napolitano” ලෙසද ප්‍රසිද්ධය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්