අයිස් කන්ටේනරය වැටලීම ගැන DIG රන්මල්ගෙන් ප්‍රකාශ ගනී..
කොළඹ වරායේ බහලුමක තිබූ රුපියල් බිලියනයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගය වැටලීම සම්බන්ධයෙන් අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය (08) අයිස් පැයක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඒ අදාළ වැටලීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය විසින් කළ නියෝගයකට අනුව ආරම්භ කර ඇති විමර්ශනයට අනුවය.
කොළඹ වරායේ බහලුම් අංගණයක තිබූ කන්ටේනරයක් තුළ තුවා තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472 ක් සොයාගෙන තිබුණේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයකුට ලද තොරතුරකට අනුවය.
එම නිලධාරියාට අදාළ කන්ටේනරය ගෙන්වූ දේශීය නියෝජිතයා, කන්ටේනරයේ සීරියල් අංකය, කන්ටේනරයේ ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ අවසරය මත කොළඹ වරායේ තිබූ එම කන්ටේනරයේ මුද්‍රා බිඳ පරීක්ෂා කිරීමේදි මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබිණි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කගේ ඍජු අධීක්ෂණය යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී කමල් ආරියවංශගේ මෙහෙයවීමෙන් එම කාර්යාංශයේ නිලධාරිහු එම විමර්ශනය සිදුකළහ.
මෙම තොරතුරම අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුටද ලැබී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත යොමුකර තිබුණද ඔවුන්ට ඒ සම්බන්ධයෙන් විමර්ශන සාර්ථක කිරීමට නොහැකි වී තිබිණි.
කෙසේ වෙතත් වැටලීම සිදුවූ ආකාරය වැරැදි බව කියමින් පොලිස්පතිවරයා විසින් ගොඩබිමෙන් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන මෙම වැටලූ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර තිබීම හේතුවෙන් පොලිස් දෙපාර්තුමේන්තුව තුළ දැඩි විරෝධයක්ද පළවී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටිියි.
- එෆ්. අස්ලම්
(Aruna)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා