ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ඉරාන නැව් ඇතුළු නෞකා 47ක්..
ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බෙහි වූ ජාත්‍යන්තර මුහුදේ ඉරාන නෞකා ඇතුළු නැව් 47ක් නවතා තිබෙන බවත්, ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය නිරන්තර නිරීක්ෂණයක පසුවන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සියලුම නෞකා පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවට හිමි නාවික සැතපුම් 12 සීමාවෙන් ඔබ්බෙහි වූ ජාත්‍යන්තර මුහුදේ බැවින් ඒවා මෙරට මුහුදු සීමාවට ඇතුළු වී නොමැති බවයි.
අදාළ ප්‍රදේශයේ ඉරාන නෞකා ඇති බවට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විදේශ අමාත්‍යාංශය දැනුවත් කර තිබෙන අතර, මෙරට නාවික හමුදාව ද ඒ පිළිබඳව දිගින් දිගටම අවධානයෙන් පසුවේ.
මෙම කිසිදු නෞකාවකට ශ්‍රී ලංකා රජය මගින් පහසුකම් සපයා නොමැති අතර, ඔවුන් විසින් ද රජයෙන් කිසිදු පහසුකමක් ඉල්ලා නොමැති බව පැවසූ අමාත්‍යවරයා, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දියාව වැනි කලාපීය රටවල් දෙසට ගමන් ගන්නා වෙළෙඳ සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා තම ප්‍රවාහන කටයුතු අවසන් වන තෙක් මෙලෙස ජාත්‍යන්තර මුහුදේ නවත්වා තැබීම සාමාන්‍ය ක්‍රියාවලියක් බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා