මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතියේ මාලිමා පාලනය පෙරළේ..
සී/ස මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තේරීම වෙනුවෙන් පැවති නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කර තිබේ.
පසුගිය 06 වනදා පැවති මෙම නිලවරණයේදී සියලුම තනතුරු විපක්ෂ කණ්ඩායම විසින් හිමිකර ගනිද්දී, වසර තුනක් පුරා එහි බලය හොබවනු ලැබූ ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට එකදු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.
අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරු 09 ම හිමිකර ගනිමින් ලැබූ මෙම ජයග්‍රහණයෙන් පසු, සමිතියේ නව සභාපතිවරයා ලෙස රංජිත් ගුණසේකර මහතා තේරී පත් විය.
ඔහු මීට පෙර වසර 22ක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, වසර 09ක් උප සභාපතිවරයා ලෙසත් සේවය කර ඇති නිලධාරියෙකි.
මෙම මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේ, මෙය වත්මන් පාලනයේ පසුබෑම සනිටුහන් කරන "පළමු වෙඩි මුරය" බවයි. 2023 සැප්තැම්බර් මාසයේදී මෙම සමිතියේ බලය ලබා ගැනීම මාලිමා කණ්ඩායම සිය රාජ්‍ය පාලන ගමනේ ආරම්භක ජයග්‍රහණය ලෙස හුවා දැක්වූ බවත්, දැන් එම ස්ථානයෙන්ම ඔවුන්ගේ පරාජය ආරම්භ වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. දේශපාලනීකරණය වී තිබූ සමුපකාර සමිතිය යළි ජනතාව සතු කර ගැනීමට මෙමගින් හැකි වූ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
- lankacnews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා