අපේක්‍ෂා රෝහලේ ඖෂධ හිඟය උග්‍ර අතට..
මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ පවතින පිළිකා නාශක ඖෂධ හිඟය පිළිබඳව අවධානය යොමු කරමින්, ඖෂධ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව භාවිත කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.
එම සංගමයේ ලේකම් වෛද්‍ය උදයබණ්ඩාර වරකාගොඩ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ඖෂධ හිඟයට පිළියම් ලෙස දේශීයව ඖෂධ මිලදී ගැනීම වෙනුවට වෛද්‍ය සැපයුම් අංශය හරහා ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් හා කඩිනම් කළ යුතු බවයි.
ඖෂධ භාවිතය බලාපොරොත්තු වූවාට වඩා ඉහළ යාම, ප්‍රසම්පාදන ප්‍රමාදයන්, ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු සහ තාක්ෂණික දෝෂ හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවිය යුතු බව ඔහු පෙන්වා දෙයි.
"නිදසුනක් ලෙස, ලේබල් කිරීමේ දෝෂ වැනි කරුණු නිසා ඖෂධ ආපසු හරවා යැවීමට සිදුවන අවස්ථා පවතිනවා. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මෙවැනි විවිධ ගැටලු තිබෙනවා, අමාත්‍යාංශය ඒවා හඳුනාගෙන විසඳාගත යුතුයි," යනුවෙන් වෛද්‍ය වරකාගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.
වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වැනි ආයතන රැසක් මෙම ක්‍රියාවලියට සම්බන්ධ බවත්, හදිසි මිලදී ගැනීම්වලදී එකම ඖෂධය සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔහු අවධාරණය කළේය.
එබැවින් පවතින ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කිරීමට නම් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ප්‍රමුඛතාව දිය යුතු බව ඔහුගේ අදහසයි.
අවශ්‍ය අවස්ථාවලදී රෝහල් මට්ටමින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛ නිකුත් කර තිබුණද, එය ස්ථිර විසඳුමක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා