News Category
From Date
To Date
Maximum Number of Result

පවුලේ වෛද්‍යවරයා සංකල්පය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව නිදහස් සෞඛ්‍ය බිලිදෙන ව්‍යාපෘතියක් නොවිය යුතුයි.. - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව.

Sep 7, 2026 at 11:39 AM
|

රෝහල්වල බාහිර රෝගී අංශවල තදබදය අඩු කිරීම සඳහා "පවුලේ වෛද්‍යවරයා" සංකල්පය හඳුන්වා දීම ප්‍රශස්ත පියවරක් වුවද, එය නිදහස් සෞඛ්‍යයට හානි වන හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට යටවන ව්‍යාපෘතියක් බවට පත් නොකර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

පවතින සෞඛ්‍ය පද්ධතිය තුළ ප්‍රතිපාදන අවභාවිතය, නිලධාරීවාදය, ඖෂධ හා උපකරණ හිඟය සහ නිසි ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම වැනි ගැටලු රැසක් පවතින බව පෙන්වා දෙන ඒ මහතා, මෙම නව සංකල්පය හදිසියේ ජනගත කිරීමට යාමෙන් පෞද්ගලික රෝහල් වෙත ජනතාව තල්ලු වී නැති-බැරි පරතරය තවත් වැඩි විය හැකි බවටද අනතුරු අඟවයි.

ඒ මහතා මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය පහලින්..

---++++----+++----+++---

පවුලේ වෛද්‍යවරයා සංකල්පය ලංකාවේ රෝහල් පද්ධතියට හඳුන්වා දෙන්න ඕන.. ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල්වල බාහිර රෝග අංශයේ අධික තදබදය අඩු කිරීම සඳහා මූලික නියාමන ක්‍රමවේදයක් ලෙස මෙම සංකල්පය හඳුන්වා දිය හැකි බව ඉතා පැහැදිලියි.. පවුලේ වෛද්‍යවරයා සංකල්පය හඳුන්වා දෙන්න එවකට පැවති රජයන් සෘජුව බිය වෙන්න හේතු උනේ එක ජනප්‍රිය දේශපාලන සටන් පාඨයක් නොවීම.. ඒ වගේම තමයි සෞඛ්‍ය සේවය වෘත්තිය සමැතිවලින් මතුවන අධික ප්‍රතිරෝධයත් ඒකට හේතුවක් වුණා.. මේ ප්‍රතිරෝධය හා ජනප්‍රිය ජන මතයන් ගැටීම තමන්ගේ මැතිවරණවලදී අහිතකර ලෙස බලපාන බව ඉතා පැහැදිලි නිසා බොහෝ දෙනෙක් මේකට අත තියන්න බිය වුණා...

2015 යහපාලන රජය මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ මූලික අදියර ආරම්භ කළා හැබැයි ඒක ප්‍රායෝගික තත්ත්වයට පත් කරන්න අසමත් වුණේ එවකට පැවැති සමාජ දේශපාලන වාතාවරණය.. දැන් මේ සංකල්පය ආරම්භ කරන්න වර්තමාන රජය දරණ උත්සාහය ප්‍රශස්ත උවත්, අප අමතක නොකළ යුතු මූලික පාදම ගණනාවක් මෙහිදී සමීප නීරීක්ෂණයට ලක් කළ යුතුයි..

1-අයවැයෙන් සෞඛ්‍යයට වෙන්කරන ප්‍රතිපාදන වලින් සියයට පනහක්වත් ප්‍රායෝගිකව මිනිසුන්ට ප්‍රතිඵල ලබා දෙන්න බැරි සෞඛ්‍ය පද්ධතියක්..

2-ලෝක බැංකුව ආසියානු සංවර්ධන පදනම  යුනිසෙෆ් ආයතනය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන ප්‍රතිපාදනවලින් තිහක්වත් ප්‍රායෝගිකව මිනිසුන්ට ප්‍රතිපාදන ලබා දෙන්න බැරි සෞඛ්‍ය පද්ධතියක් 

3-එකිනෙකට සමාන හා සමාන්තර  ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් බිලියන ගානක් කාපාසිරියා කරන සෞඛ්‍ය පද්ධතියක් (පෝෂණය සඳහා පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ ගණනාවක් තියෙනවා) 

4-ඩොලර් බිලියන ගානක් ව්‍යාපෘති  ප්‍රතිපාදන වෙන් කරමින් ව්‍යාපෘති ආරම්භ කළත් ඒවා අධ්‍යනය සඳහා නිලධාරීන් විදෙස් සංචාරවල නිරතවීමෙන්ට අමතරව ඒවා මහපොළොව යථාර්ථයක් බවට පත් නොකරන සෞඛ්‍ය පද්ධතියක්..

5-කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වල work shop විතරක් තියෙන , වව්චර් හදාගෙන මුදල් යටි මැටි ගහන නිලධාරීවාදය හැර. එතනින් එහාට ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක නොවන සෞඛ්‍ය පද්ධතියක්

6-සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරිඩෝවල ඩොලර් බිලියන ගානක ප්‍රතිපත්ති ප්‍රකාශන මුද්‍රණය කොට ඇති කාවන් විසින් පමණක් ඒවා කියවන සෞඛ්‍ය පද්ධතියක් 

7-රාජ්‍යන් සමඟ විවිධ ගිවිසුම් අත්සන් කළත් එම ලැබෙන ප්‍රතිපාදනවලින් වෛද්‍ය සැපයුම නිසි පරිදි පවත්වාගෙන යන්න බැරි ශල්‍ය උපකරණ සැපයීම නිසි පරිදි පවත්වාගෙන යන්න බැරි ටෙන්ඩර් මාසයාවට යට වෙච්ච නිලධාරීවාදය සහිත සෞඛ්‍ය පද්ධතියක්..(පිළිකා වෛද්‍ය ප්‍රතිකාර උපකරණ ගේන්න ගිවිසුම් අත්සන් කරපු වාර අනන්තයි අදටත් ප්‍රතිඵල බින්දුවයි) 

8-විගණනය මගින් දිගින් දිගටම ඩොලර් බිලියන ගානක මුදල් අවභාවිතාව හෙළි කරනුත් විනය විගණනය සහ විමර්ශනය සිදු නොවන සෞඛ්‍ය පද්ධතියක්...

9-මෙරට සෞඛ්‍ය පද්ධතිය රාජ්‍ය අංශය විතරක් නෙමෙයි එයට පුද්ගලික අංශය බද්ධ වෙලා තිබෙනවා. මේ දෙක සමාන හා සමාන්තරව විශ්ලේෂණය කළ යුතු සෞඛ්‍ය පද්ධතියක්..

10-ප්‍රායෝගිකව

 ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක්, ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්, 

ජාතික ප්‍රතිජීවක ඹෘෂධ ප්‍රතිපත්තියක්,

ජාතික ප්‍රාදේශීය සෞඛ්‍ය ප්‍රතිපත්තියක් 

පළාත් සභා සඳහා අනන්‍ය වෙත සෞඛ්‍ය ප්‍රතිපත්තියක් 

සෞඛ්‍ය පද්ධතියේ මානව සම්පත් කළමනාකරණය සඳහා ජාතික ප්‍රතිපත්තියක් 

සෞඛ්‍ය පද්ධතියෙන් මානව සම්පත සඳහා නිශ්චිත වැටුප් ප්‍රතිපත්තියක් 

සෞඛ්‍ය පද්ධතියේ විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් 

විශේෂඥ වෛද්‍යයක් කුසලතා ඉහල නැංවීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් 

නොමැති සෞඛ්‍ය පද්ධතියක්..

11-රෝග වැළැක්වීමට ඩොලර් මිලියන ගානක් වියදම් කරන මුත් , එම රෝග වළක්වා නොගැනීම නිසා දියවැඩියාව ඇතුළු රෝග රැසක් නිසා  සැලකිය යුතු ප්‍රමාණයක් මිය යන, රෝග වළක්වා ගැනීමේ වැඩසටහන් සඳහා වියදම් කරන මුදල්වල කාර්යක්ෂමතාව සම්බන්ධ ප්‍රශ්න තියෙන සෞඛ්‍ය පද්ධතියක්..

12-එකම සංකල්පය නැවත නැවත විවිධ මුහුණුවර වලින් පැමිණ ඩොලර් බිලියන ගානක් නාස්ති කරන නමුත් මහජනතාවට ප්‍රතිඵල නොමැති සෞඛ්‍ය පද්ධතියක්..

13. ලෝකෙ අනිත් රටවල් දියුණු තාක්ෂණය සමඟ ඉදිරියට ගමන් කරද්දී අපි තවමත් දශක තුනක් තිස්සේ සාපේක්ෂව එක තැන පල් වන සෞඛ්‍ය පද්ධතියක්..

14. නිදහස් සෞඛ්‍ය ප්‍රතිලාභ උපරිම වශයෙන් මහජනතාවට ලබා දෙනවා වෙනුවට නිලධාරීන් කීපදෙනෙකුගේ පෞද්ගලික ධනය තරකර ගැනීම සඳහා පමණක් ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධතියක්..

15. සෞඛ්‍ය අමාත්‍යාංශය රාජ්‍යා ඹෘෂධ  සංස්ථාව , නියාමන අධිකාරිය,වෛද්‍ය සැපයුම් ඒකකය, හා පළාත් සෞඛ්‍ය එකිනෙකට වෙනස් නිසි නායකත්වයක් නොමැතිව විවිධ පාරවල ගමන් කරන සෞඛ්‍ය පද්ධතියක්...

16. සෞඛ්‍ය ආර්ථික විද්‍යාව , කාල කළමනාකරණය, සංචාරක සෞඛ්‍ය කර්මාන්තය ,තාක්ෂණික රෝහල් පද්ධති දියුණු කිරීම ඇතුළු නූතන කාලීන සංකල්ප සමග ජනගත නොවුණු,  සෞඛ්‍ය පද්ධතියක්..

වෙනස් නොකොට..

කෙටියෙන්ම කියනවනම් සීතල කාමරවලින් බැහැල නිදහස් සෞඛ්‍ය සම්ප්‍රේෂණය කරන්න ඕන කියලා ආකල්ප නැති සෞඛ්‍ය පරිපාලකයන් අතලොස්සක් මගින් ඉතා දරුණු විදියට බුවල්ලෙකු විදියට විනාශ කරපු සෞඛ්‍ය පද්ධතියක් , නව අදහස්වලින් පෝෂණය කිරීමේ ප්‍රතිරෝධය, ක්‍රමිකව සම්ප්‍රේෂණය කළ යුතුයි. 

විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැටුප ඉක්මවා ගිය දේව කාරියක් ලෙස සිදු කරන රාජකාරිය නිසා සැකිල්ලක් බවට පත් නොකොට ජාත්‍යන්තරය ඉහළින්ම පවතින සෞඛ්ය පද්ධතියක්, ඒ තත්ත්වය අඛණ්ඩවම පවත්වාගෙන යමින් පවුල් වෛද්‍යවරයා සංකල්පයට ක්‍රමිකව වෙනස් කිරීම පාර්ශ්වවල නිසි අවබෝධය හා සහයෝගය ඇති සිදු කිරීමේ වගකීම රජය සතු යි.. නැතිනම් නැවත ඇති නැති පරතරය හරහා ඇති මිනිසුන් පුද්ගලික රෝහල්ගතවීමත් නැති මිනිසුන්ට තවත්  මාර්ග බාධකයක් නිර්මාණය වීමත් බවට පවු‍ලේ වෛද්‍යවරයා පත් කර නොගැනීම හා ගෝඨාභයගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය ජනගත කිරීමේ හදිස්සිය අධ්‍යනය කළ යුතුයි..

හැම ලෙඩාටම ඇඳක් වෙනුවට, හැම ලෙඩාටම කොත්තමල්ලි කෝප්පයක් දෙන තරමට ලගු නොකළ යුතු, දේශපාලන සටන් පාට වලින් උත්ප්‍රේරණය කොට තවදුරටත් මුලාවට පත් කළ නොහැකි ජනතාවක් වෙත , නිදහස් සෞඛ්‍යයට අත නොතබා බලාපොරොත්තු වන සේවාව වඩා ප්‍රශස්ත ලෙස ලබාදෙන සෞඛ්‍ය පද්ධතියක් බවට පත්කළ යුතු වැඩපිළිවෙළක ආරම්භයක් ලෙස පමණක්ම භාවිතා විය යුතු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උගුලේ හිර නොවන, නිදහස් සෞඛ්‍යයේ මළගම නොලියවන  පවුලේ වෛද්‍යවරයාට සුභපැතුම්..!.

2027/09/06 දින ආණ්ඩුවට අවුරුදු තුනයි- රටට...!!

ජන රැලි මාලාවේදී ප්‍රගතිය අහන තෙක්..

- වෛද්‍ය චමල් සංජීව.

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.