ඉරාන යුද්ධයෙන් තාර හිඟයක්.. - ඉදිකිරීම් ක්ෂේත්‍රය අර්බුදයක..
ඉරානය සම්බන්ධයෙන් පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ගල්ෆ් කලාපයෙන් තාර ගෙන ඒමට ඇතිවී තිබෙන බාධා, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘති අඩාල කිරීමට හේතුවිය හැකි බවට දේශීය ඉදි කිරීම් ක්ෂේත්‍රය අනතුරු අඟවයි.
සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉදි කිරීම් කර්මාන්ත මණ්ඩලයේ (CCI) ලේකම් ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු කර්නල් (විශ්‍රාමික) නිශ්ශංක එන්. විජේරත්න පෙන්වා දුන්නේ, 2026 අයවැය මගින් වෙන් කරන ලද ප්‍රාග්ධන වියදම්වලින් සැලකිය යුතු කොටසක් මාර්ග ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති බවයි.
කෙසේ වෙතත්, පවතින ගල්ෆ් අර්බුදය හමුවේ බිටුමින් ලබාගැනීමේදී මතුව ඇති දුෂ්කරතා හේතුවෙන්, දැනටමත් අර්බුදයට ලක්ව ඇති දේශීය ඉදි කිරීම් ක්ෂේත්‍රය නැවතත් දැඩි බලපෑමකට ලක්විය හැකි බවට ඔහු අවධාරණය කළේය.
මාර්ග ඉදි කිරීමේ ප්‍රධාන අමුද්‍රව්‍යය තාර වන අතර, බිටුමින් සපයා ගැනීමේ අපහසුතාව පිළිබඳව මාර්ග කොන්ත්‍රාත්කරුවන්ගෙන් දැනටමත් පැමිණිලි ලැබෙමින් පවතින බවයි විජේරත් සඳහන් කළේ.
"අපට අවශ්‍ය තාර වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ගල්ෆ් කලාපයෙන්. ඉරාන යුදමය වාතාවරණය නිසා දැන් අපට තාර ගෙන්වා ගැනීමේදී විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මාර්ග ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කර තිබුණත්, අපට බිටුමින් ලැබෙන්නේ කොහෙන්ද?" යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියේය.
තාර යනු ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනයක් බැවින්, ශ්‍රී ලංකාවේ බිටුමින් ආනයනය සඳහා ගල්ෆ් කලාපය මත දැඩි ලෙස රඳා පවතින බවත්, එයින් වැඩි ප්‍රමාණයක් ඉරානයෙන්ම ලබාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම බිටුමින් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දුනීසියාව වැනි විකල්ප වෙළඳපොළක් දෙස බැලිය හැකි වුවද, ගල්ෆ් කලාපයෙන් බිටුමින් සැපයුම අඩාල වීම හේතුවෙන් වෙළඳපොළ තුළ විශාල හිඟයක් නිර්මාණය වී ඇති බවයි විජේරත්න පවසා සිටියේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා