20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට කැප නැත්තේ ඇයි?.. – සජිත් අසයි..
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට එදා විපක්ෂයේ සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ නම්, අද ඉදිරිපත් කර ඇති 22 වැනි සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන්නේ ඇයි දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, සමගි වනිතා බලවේගයේ රත්තොට ආසන බල මණ්ඩලය පිහිටුවීමේ රැස්වීමට එක්වෙමින්.
එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ, එදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළ බවයි.
එසේ නම්, අද 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රකාශ සිදුකරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
මේ අතර ජනාධිපතිවරයා මේ දිනවල රට පුරා යමින් සිදුකරන වැඩසටහන් "පච චාරිකා" බවට විපක්ෂ නායකවරයා චෝදනා කරයි.
ජනතාවගේ සැබෑ හදගැස්ම හඳුනා ගැනීමට අවශ්‍ය නම් එවැනි චාරිකා වෙනුවට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසද ඔහු ජනාධිපතිවරයාට අභියෝග කළේය.
ජනාධිපතිවරයාගේ බේරුවල පැවැත්වෙන රැස්වීම හේතුවෙන් මුහුදු ගිය ධීවරයන්ට බේරුවල වරායට පැමිණීමට බාධා වන ආකාරයේ පොලිස් නිවේදනයක් නිකුත් කර ඇති බවටද ජනතාවට හිරිහැරයක් නොවන ආකාරයෙන් රැස්වීමක් පැවැත්වීමට පවා ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවයි ඔහු කියා සිටියේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන මූලධර්මය කෘරත්වය, හිංසනය සහ ජනතා අයිතිවාසිකම් කප්පාදු කිරීම බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
ජනතාවගේ දුක නිවාලීම වෙනුවට එය තවදුරටත් වර්ධනය කරමින් සිටින බවත්, මේ හේතුවෙන් මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු රජයට අමතක වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුවේ දෙවසර සැමරුම්වල ප්‍රධාන තේමාව "අවුරුදු දෙකයි – රටට සුබයි" වුවද, එය ජනතාවට සුබදායක වී නොමැති බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ ජනතාවට ලබාදෙන බවට පොරොන්දු වූ සහන තවමත් නොලැබුණු බවත්, වරායෙන් ගොඩබාන මිලට ඉන්ධන ලබාදීම සහ විදුලි බිල සියයට 32කින් අඩු කිරීම වැනි පොරොන්දු ද ඉටු කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා