නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්.. ජන රැළිය නවත්වන්නේ නෑ.. - පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම, ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එල්ල කළ දැඩි ප්‍රහාරයක් සහ දේශපාලන පළිගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
පක්ෂයේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතුව අද (05) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් ඔවුන් සඳහන් කරන්නේ, එළඹෙන සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර නගරයේ පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබූ දැවැන්ත ජන රැළිය නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් සංවිධානය වෙමින් තිබූ බවත්, එම ජන රැළියට ලැබෙමින් පැවති ඉහළ ජනප්‍රසාදය හමුවේ බියට පත් ආණ්ඩුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
අත්අඩංගුවට ගැනීමට පදනම් වී ඇත්තේ මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිසියට සහ අධිකරණයට පරස්පර ප්‍රකාශ ලබාදුන්, අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකුගෙන් ඕස්ට්‍රේලියාවේදී ලබාගත් විශ්වාසනීයත්වයකින් තොර ප්‍රකාශයක් බව සඳහන් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නාමල් රාජපක්ෂට එරෙහි සියලු චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරයි.
තමන් බලයේ සිටියදී දූෂණ විරෝධී නීති සම්මත කළේ දූෂණය පිටුදැකීමට මිස, රාජ්‍ය ආයතන අවභාවිත කරමින් දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීමට නොවන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත්, නායකයෙකු සිරගත කළද ඔහුගේ දර්ශනය සහ ජනතා බලවේගය මර්දනය කළ නොහැකි බව පවසන පොදුජන පෙරමුණ, සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිත අනුරාධපුර මහ ජන රැළිය සැලසුම් කළ පරිදිම වඩාත් ශක්තිමත්ව පවත්වන බවත්, එබැවින් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයට එරෙහිව සාමකාමීව හඬ නැගීම සඳහා සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයට රැස්වන ලෙසත් එම නිවේදනය මගින් සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා