ලංකාවේ සමස්ත රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 32 ඉක්මවයි..
ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 97.952ක් (රුපියල් ට්‍රිලියන 32.977ක්) දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිකුත් කළ අගෝස්තු 28 වැනිදා වාර්තාවේ සඳහන් වේ. මෙම දත්ත සටහන් වී ඇත්තේ පසුගිය ජූනි 30 වන විට පැවැති තත්ත්වය පදනම් කරගනිමිනි.
ණය බෙදීගොස් ඇති ආකාරය:
මධ්‍යම රජයේ මුළු ණය: ඩොලර් බිලියන 95.047 (රුපියල් ට්‍රිලියන 31.999)
රාජ්‍ය ව්‍යවසාය ණය (රජයේ ඇප මත): ඩොලර් බිලියන 2.885
පළාත් සභා හා පළාත් පාලන ආයතන ණය: ඩොලර් මිලියන 20
දේශීය හා විදේශීය ණය තත්ත්වය
ජූනි අවසාන වන විට මධ්‍යම රජයේ දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 57.039ක් (රුපියල් ට්‍රිලියන 19.203ක්) වේ. මෙයින් නොගෙවූ භාණ්ඩාගාර බැඳුම්කර වටිනාකම රුපියල් බිලියන 16,069ක් වන අතර, නොගෙවූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 2,372කි.
එමෙන්ම විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 38.008ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පළමු කාර්තුවට (ඩොලර් බිලියන 37.468) සාපේක්ෂව ඩොලර් මිලියන 540ක වැඩිවීමකි.
බහුපාර්ශ්වික ණය: ඩොලර් බිලියන 14.802 (ආසියානු සංවර්ධන බැංකුව: ඩොලර් බිලියන 6.8851, ලෝක බැංකුව: ඩොලර් බිලියන 4.6662, IMF: ඩොලර් බිලියන 2.6152)
වාණිජ ණය: ඩොලර් බිලියන 12.409 (ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ඩොලර් බිලියන 10.0071ක් ඇතුළුව)
ද්විපාර්ශ්වික ණය: ඩොලර් බිලියන 10.797 (චීනය: ඩොලර් බිලියන 5.0067, ජපානය: ඩොලර් බිලියන 2.2727, ඉන්දියාව: ඩොලර් මිලියන 853.9)
ණය සේවාකරණය සහ ප්‍රතිව්‍යුහගත කිරීම
මෙම වසරේ දෙවන කාර්තුව තුළ රජයේ මුළු ණය සේවා ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 2,698.6කි (දේශීය ණය සඳහා රුපියල් බිලියන 2,441.6ක් සහ විදේශ ණය සඳහා රුපියල් බිලියන 257.0ක් වශයෙන්).
Official Creditor Committee, චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් (98%ක සහභාගීත්වයක් සහිතව) ඇතුළු පාර්ශ්ව රැසක් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවර සාර්ථකව අවසන් කර ඇති අතර, ජපානය, ඉන්දියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් මත සාමාන්‍ය ණය සේවාකරණය නැවත ආරම්භ කර ඇත. කෙසේ වෙතත්, තවත් රටවල් 13කට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා