උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන් විනාශ කිරීමේ සැලසුමක් ගැන චන්න ජයසුමනගෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් මකා දැමීම සඳහා නව මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට මහාචාර්ය චන්න ජයසුමන මහතා චෝදනා කරයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, වසර 100කට අධික කාලයක් තිස්සේ ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කර තිබූ පුරාවිද්‍යා ස්ථාන බහුතරයක් "සමාලෝචනය කිරීම" යන නාමයෙන් ඉවත් කිරීමට සැරසෙන බවයි.
මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර, ඒ වෙනුවට "ජාතික උරුම දෙපාර්තමේන්තුවක්" බිහිකිරීමේ සුදානමක් පවතින බවද ඔහු සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට මෙන්ම පාලනය කිරීමටද මැදිහත්ව සිටින අන්තවාදී බලවේග විසින් මෙම ක්‍රියාවලිය මෙහෙයවන බවටද ඔහු වැඩිදුරටත් අදහස් දක්වා ඇත.
අදාළ සටහන පහළින්..
"ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල බෞද්ධ පුරාවිද්‍යා උරුම මකා දැමීම සඳහා නවතම මෙහෙයුමක් දියත්ව ඇත. මේ යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසිකර ඒ වෙනුවට ඊනියා ජාතික උරුම දෙපාර්තමේන්තුවක් බිහිකර, වසර 100කට වැඩි කාලයක් තිස්සේ ක්‍රමානුකූලව පුරාවිද්‍යා ස්ථාන ලෙස ගැසට් මගින් ප්‍රකාශ කර තිබූ ස්ථාන බහුතරය "සමාලෝචනය කිරීම" නමින් හකුලා, ඉවත් කිරීමට සැරසෙන බව දැනගන්නට ඇත.
වත්මන් ආණ්ඩුව පත්කර ගැනීමට මෙන්ම හැසිරවීමට ද සක්‍රීයව මැදිහත්ව සිටින අන්තවාදී බලවේග මේ සඳහා කටයුතු කරන බව පෙනෙන්නට ඇත. යමක් මතුපිටන් පමණක් දකින, ආණ්ඩුවේ සුරංගනා කතා සහ බටර් ආලේපනවලට රැවටෙන අවිචාරවත් සිංහලයන්ට සිදුවන දෑ ගැන තේරැමක් ඇතැයි සිතිය නොහැකිය.
අප " ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය" නමින් කෘතියක් පළ කරන්නට කටයුතු යෙදුවේ ද මේ අවදානම කල්තියා දුටු හෙයිනි.
එම පොත මේ දිනවල ලංකාවට පැමිණ සිටින විශ්‍රාමික මහාචාර්ය තමරා ද සිල්වා මැතිණියට පිළිගැන්වීම පසුගියදා සිදු කෙරිණි. ඒ මහත්මිය වසර 43 ක් ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ සේවය කළ අතර කිහිප වතාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන තනතුර ද දැරීය.
එතුමිය, යමක් මතුපිටින් පමණක් නොදැක විචක්ෂණශීලීව බැලීමට සිංහලයාට කියා දීමට මහත් වෙහෙසක් ගත් දිවංගත නලින් ද සිල්වා ආචාර්යතුමාගේ දයාබර බිරිඳයි."

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා