විදුලි බිල වැඩිවීමේ අවදානමක්! - ඩී.වී. චානකගෙන් අනාවරණයක්..
ඉදිරි කාලයේදී ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබුණහොත් මෙරට විදුලි ගාස්තු නැවත වරක් ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.
දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ පවතින රජය විදුලි ගාස්තු තුනෙන් එකකින් අඩු කරන බවට පොරොන්දු වුවද, මේ වන විට සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් ලෙස කලින් පැවැති මට්ටමට වඩා තුනෙන් එකකින් පමණ ගාස්තු වැඩි වීම බවයි.
පසුගිය සමයේ ලැබුණු අහඹු වර්ෂාපතනය නිසා ජල විදුලි උත්පාදනයට යම් සහනයක් ලැබුණු අතර, දහවල් කාලයේදී සූර්ය බලශක්තිය භාවිත කරමින් විදුලි පද්ධතිය යම් තාක් දුරට ස්ථාවරව පවත්වා ගැනීමට හැකි විය. නමුත් ඉදිරියේදී නැවතත් විදුලි ගාස්තු ඉහළ ගියහොත් එළඹෙන සංචාරක සමය හමුවේ සංචාරක කර්මාන්තයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද එය දරාගැනීමට නොහැකි වනු ඇති බවට ඔහු අවධාරණය කරයි.
මීට අමතරව, පසුගිය විදුලි ගාස්තු සංශෝධනයේදී ගල් අඟුරු පාඩුවෙන් ඇතුළත් කරනු ලැබුවේ සියයට 10ක පමණ ප්‍රමාණයක් බැවින්, අලුතින් ගල් අඟුරු නැව් පැමිණ ඒවායින් විදුලිය නිපදවන තෙක් එම පාඩුවෙන් මිදීමට නොහැකි වනු ඇත. එම අලාභය බදු මුදල් මගින් හෝ කෙළින්ම පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට සිදුවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, යම් හෙයකින් මෙම ගල් අඟුරු අක්‍රමිකතාව සිදු නොවූයේ නම් පවතින කාලගුණයත් සමග අධික පිරිවැයක් දැරීමට සිදුවන ෆර්නස් තෙල් හෝ ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදවීමේ අවශ්‍යතාවයක් මතු නොවන්නේ යැයිද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා