''22 වන සංශෝධනය ඉදිරියට ගෙන යනවා නම් ජනමත විචාරණයකට යන්න'' - නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්වෙයි
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට තරයේ විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගෙන ඇති ස්ථාවරයට සහය පළ කරමින්, දිවයින පුරා පිහිටි වෘත්තීය සමිති සහ වෘත්තීය සංවිධාන 40 ක නියෝජිතයින් එක්ව අද (31) ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තබා තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA), රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), දුම්රිය ස්ථානාධිපති සංගමය, සමස්ත ලංකා ශ්‍රේණිගත විදුහල්පති සංගමය, තැපැල් වෘත්තීය සමිතිය සහ රජයේ හෙද සංගමය ඇතුළු වෘත්තීය සංවිධාන හා වෘත්තීය සමිති 40 ක් ශ්‍රී ලංකා නීතිඥ සංගම් මූලස්ථානයට රැස්ව මෙම තීරණයට එළඹ ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට, නීතියේ ආධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතා පරමාධිපත්‍යයට ඍජු තර්ජනයක් එල්ල වන බව මෙම සංවිධාන පෙන්වා දෙන බවයි.
මෙම රැස්වීමේදී සහභාගී වූ වෘත්තීය සමිති සහ සංවිධාන ඒකමතිකව පහත තීරණවලට එළඹ තිබේ.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එකහෙළා විරෝධය පළ කිරීම.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය වහාම හකුලා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටීම.
ඉහළ අධිකරණවල පවතින සියලුම පුරප්පාඩු ප්‍රමාදයකින් තොරව පිරවීමට රජය කටයුතු කිරීම.
රජය මෙම සංශෝධනය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන්නේ නම්, ඒ සඳහා ජනමත විචාරණයකින් ජනතාවගේ තීරණය ලබා ගැනීම, යන තීරණ ඒ සඳහා ඇතුළත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා