ඉන්ධන භාවිතය සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිටපු නියෝජ්‍ය කථානායකගෙන් නිවේදනයක්..
රජයේ ඉන්ධන අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ, ඉන්ධන පරිහරණය සම්බන්ධයෙන් අනුමත ක්‍රමවේද පිළිබඳ නිසි සොයා බැලීමකින් තොරව තම කීර්ති නාමයට හානි කිරීමේ චේතනාවෙන් සමාජ මාධ්‍ය සහ වෙනත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පළකර ඇති බවය.
තම ධුර කාලය තුළ ඉන්ධන ලබාගෙන ඇත්තේ නීත්‍යානුකූලව හිමි ප්‍රතිපාදන සහ අනුමත සීමාවන්ට යටත්ව පමණක් බවත්, ඒ සම්බන්ධ සියලු නිල ලේඛන සහ වාර්තා තමන් සතුව පවතින බවත් ඔහු සඳහන් කරයි.
නිසි සොයා බැලීමකින් තොරව මෙවැනි පදනම් විරහිත චෝදනා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණක් බවද හිටපු කථානායකවරයා පවසයි.
නියෝජ්‍ය කථානායකවරයා ලෙස රාජකාරි කටයුතු කිරීම සඳහා සුදුසු නිල වාහනයක් නොතිබූ බැවින්, බාහිරින් කුලී පදනම මත වාහනයක් ලබාගැනීමට අවස්ථාව තිබූ බවද ඔහු සඳහන් කර තිබේ.
එලෙස බාහිරින් වාහනයක් ලබාගත්තේ නම් විශාල මුදලක් වැය කිරීමට සිදුවන බැවින්, එම කුලී ගාස්තු වෙනුවෙන් වැයවීමට තිබූ මුදල් ඉතිරි කරමින් කටයුතු කළ බවද ඔහු පවසයි.
පෙර කථානායකවරුන් සහ නියෝජ්‍ය කථානායකවරුන්ට අදාළව පැවති සම්ප්‍රදායන්, නීති හා රෙගුලාසි අනුව තමන් ධුරයේ කටයුතු කළ බවත්, කිසිදු අනීතික කටයුත්තක් සිදුකර නොමැති බවත් හිටපු කථානායක අජිත් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා