චාමර යටතේ සෙවනගල ලාභය බිලියන 2.5යි.. සුනිල් යටතේ 2025 පාඩුව බිලියනයයි..
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස වසා දමා ඇති බවට පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල සමන් කුමාර මහතා චෝදනා කරයි.
ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ වෘත්තීය සමිති නායකයන් මර්දනය කරමින් ආණ්ඩුව මෙම පියවර ගෙන ඇති බවයි.
මෙම තීරණය හේතුවෙන් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ජීවිකාව සරිකර ගන්නා උක් ගොවි පවුල් 4,000කට ආසන්න සංඛ්‍යාවකගේ ආදායම් මාර්ග ඇහිරී ඇති අතර, එහි සේවයේ නියුතු 1,000කට අධික සේවක පිරිසකගේ රැකියාවන්ට ද දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.
වැටුප් හා ප්‍රසාද දීමනා මාස අටක කාලයක සිට කපා හැරීමට එරෙහිව ජවිපෙ ඇතුළු වෘත්තීය සමිති හයක් එක්ව මෙම වැඩවර්ජනය ආරම්භ කළ බවත්, පවතින අධික ජීවන වියදම හමුවේ එම කප්පාදුව දරාගත නොහැකි බවත් ලේකම්වරයා පැවසීය.
2022-2023 වසරවලදී රුපියල් බිලියන 2.5කට අධික ලාභයක් ලැබූ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව, 2025 වසර වන විට රුපියල් බිලියනයකට අධික පාඩුවක් ලබා ඇති බවට ද ඔහු මෙහිදී අනාවරණය කළේය.
ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටියදී වැඩවර්ජන කැඳවමින් කර්මාන්ත ශාලා වසා දැමූ ආකාරයටම, බලයට පත්වීමෙන් පසුව ද සේවක ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදී මෙලෙස කර්මාන්ත ශාලා වසා දමා දහස් සංඛ්‍යාත ජනතාවක් අර්බුදයකට ඇද දමමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් චෝදනා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා