"අඩියක්වත් පස්සට ගන්නේ නෑ.. 22 ගේනවමයි.." - අධිකරණ ඇමති කියයි..
කවුරුන් කුමන බාධා එල්ල කළ ද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට ගත් පියවර අඩියකින් හෝ ආපස්සට නොගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (30) පැවති, රට හදන ජන බලය පෙළගැසෙන බදුල්ල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"දැන් අපි බලයට එනකොට මොකක්ද තිබුණේ? අවුරුදු තිහක්, හතළිහක් ඉබාගාතේ ගිය ක්‍රමයක් මුළු යාන්ත්‍රණයම මළකඩ කාලා හිරවෙලා තිබුණා. අපේ ප්‍රධාන පොරොන්දුවක් වුණේ දූෂිතයන්, වංචනිකයන් අධිකරණය ඉදිරියට පමුණුවන්න අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරනවා කියන එක. ඒක සකස් කරගෙන යෑමේදී මොකද වෙන්නේ? එක පාරටම අපි දකින්නේ මොකක්ද? නඩු ලක්ෂ එකොළහක් ගොඩ ගැහිලා, අධිකරණ පද්ධතිය සමස්තයක් වශයෙන් කරගෙන යනකොට නඩු වේගවත් කරන්න, කාර්යක්ෂම කරන්න. අපිට සිද්ධ වෙනවා තව දෙයක් බලන්න. මොකක්ද? නඩුකාරතුමන්ලාගේ විශ්‍රාම ගැනීමේ වයස සම්බන්ධයෙන්.
නඩුකාරයෙක්ම කරන්න නම්, විශ්‍රාමික වයස විතරක් වැඩි කරලා හරියන්නේ නැහැ කියන තර්කය මම පිළිගන්න ගමන් මම කියන්නේ අනිත් ප්‍රතිසංස්කරණත් එක්කම තමයි ඒක බලන්නේ. අන්න එතකොට ඒ දැනුම කියාගත්තහම නඩු අපට කාර්යක්ෂම කරගන්න පුලුවන්. එහෙනම් මොකක්ද මේ මවන බිල්ලා, ඒ ගොල්ලෝ කියනවා අපි එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මේක ගේනවා. අධිකරණ සංවිධාන පනත් සංශෝධනය වුනා කිව්වහම මෙතුමන්ලා සහ සියලුම දිසා විනිසුරුවන්ගේ වයස අවුරුදු දෙකකින් වැඩි වෙනවා. සියලුම එකේ සියලු තමයි දෙක, දෙක වැඩි වෙන්නේ. ඔන්න අපි යම් හෙයකින් එක නඩුකාරයාගේ විතරක් වයස වැඩි කරන්න හැදුවොත්. එහෙම නැත්නම් තෝරාගත්ත නඩුකාරතුමියගේ විතරක් වයස වැඩි කරන්න හැදුවොත්. එහෙනම් ඔය කියන තත්ත්වේ හරි.
කිසිදු වරදක් නෑ. අපේ විපක්ෂෙ කට්ටියයි ප්‍රතිවාදීන් කියන එකක් තමයි. නෑ ඒක කරන්න මේ ඉන්න සුරසේන නඩුකාර තමාගේ කාලයෙන් පස්සේ කරන්න. දැන් කවුද එක් කෙනෙක් ඉලක්ක අරන් ඉන්නේ? අපිද? අහනවා ඇයි සංශෝධනය ගේන්නේ. ඇයි දෙසැම්බර් මාසේ බැරි? එකකොට දැන් ගෙනාපුවාම හොඳ නැති එක දෙසැම්බර් මාසෙන් පස්සේ හොඳ වෙන්නේ මොන ක්‍රමයෙන් ද? මේ අවුරුද්ද අවසන් වන විට ඔබලාට ප්‍රතිඵල දකින්න ලැබේවී, යුක්තිය ඉෂ්ඨ වෙනවා මේ ආණ්ඩුව ගත්ත පියවර ආපස්සට යන්නේ නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා