රේගු අංගනවල වසර 8ක් සිරවූ වාහන 437ක් විනාශ වෙයි.. රජයට විශාල ආදායමක් අහිමි වන ලකුණු!
ශ්‍රී ලංකා රේගුව භාරයට ගන්නා ලද වාහන 437ක් වසර අටකට අධික කාලයක් තිස්සේ නිසි කළමනාකරණයකින් තොරව විවිධ අංගනවල රඳවා තැබීම නිසා ඒවා දැඩි ලෙස දිරාපත්ව ඇති බවත්, එමගින් රජයට ලැබීමට තිබූ විශාල වෙන්දේසි ආදායමක් අහිමි වී ඇති බවත් නවතම විගණන වාර්තාවකින් හෙළි වේ.
රේගු දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් විගණන නිරීක්ෂණවලට අනුව, මෙසේ දීර්ඝ කාලයක් තිස්සේ එළිමහන් බිම්වල ගාල් කර තිබූ වාහනවලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට ධාවන තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වී තිබේ.
මෙම වාහන 437 ප්‍රධාන ස්ථාන දෙකක රඳවා තබා ඇති අතර, ඉන් වාහන 329ක් රේගුව විසින් පෞද්ගලික සමාගමකින් ලබාගත් මට්ටක්කුලිය පරිශ්‍රයේද, ඉතිරි වාහන 108 හම්බන්තොට රුහුණුපුර ජාත්‍යන්තර වරාය භූමියේද ගාල් කර ඇත. වසර ගණනාවක් මුළුල්ලේ අව්වට සහ වැස්සට නිරාවරණය වීම හේතුවෙන් මේවායේ ලෝහ කොටස් විඛාදනය වී අභ්‍යන්තර උපාංග විනාශ වීමෙන් දැඩි භෞතික හානියක් සිදුව ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.
රේගු ආඥා පනතේ 109 වන වගන්තියට අනුව භාරයට ගත් හෝ රාජසන්තක කළ භාණ්ඩ සම්බන්ධයෙන් නියමිත කාලසීමාවන් තුළ සුදුසු නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය වේ. කෙසේ වෙතත්, අදාළ නීතිමය విධිවිධාන නිසි වේලාවට ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම වාහන සම්බන්ධයෙන් තීන්දු ගැනීම ප්‍රමාද වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රජයට ලැබීමට තිබූ සාධාරණ වෙන්දේසි ආදායම අහිමි වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි. එබැවින් අනාගතයේදී මෙවැනි අලාභයන් වළක්වා ගැනීමටත්, රාජ්‍ය ආදායම් සුරක්ෂිත කිරීමටත් කඩිනම් නීතිමය නිරවුල් කිරීම් සහ විනිවිදභාවයෙන් යුත් වෙන්දේසි ක්‍රියාවලියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද විගණන වාර්තාව මගින් අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා