නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු.. - සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
සෙවනගල සීනි කර්මාන්තශාලාවේ පවතින සේවක නොසන්සුන්තාව සහ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
සභාපතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලය පුරා පැවති සේවක නොසන්සුන්තාව හේතුවෙන් අවස්ථා කිහිපයකදීම නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වූ බවයි.
අගෝස්තු 25 වැනිදා සිට සේවකයින් සේවයට වාර්තා කළද නිෂ්පාදන කටයුතු නිසි පරිදි සිදු නොවීම නිසා මෙහෙයුම් අඩාල වී ඇති අතර, අගෝස්තු 26, 27 නිවාඩු දිනවලින් පසුව අගෝස්තු 28 වැනිදා උදෑසන 10.00 වන තෙක්ම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ බවයි ඔහු සඳහන් කරන්නේ.
ඒ අනුව, නිෂ්පාදනයක් සිදු නොවන පසුබිමක වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන ආයතනික පාඩුව වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙනතුරු කර්මාන්තශාලාව වසා තැබීමට පාලනාධිකාරිය තීරණය කළ බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම කර්මාන්තශාලාව වසා තිබියදීත් අත්‍යවශ්‍ය කටයුතුවලට මෙන්ම සීනි අලෙවිය සඳහා පැමිණි ලොරි රථවලට බාධා කිරීම හේතුවෙන් ආයතනයේ ආදායම් මාර්ගවලටද බලපෑම් එල්ල වී ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.
ආයතනයේ පිරිස් බලය සහ වැටුප් ව්‍යුහය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින අතර, කිසිදු සේවකයෙකුගේ වැටුප අඩු නොකර මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට වැටුප් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පවත්වන බවද සඳහන් කරන සභාපතිවරයා, පවතින වෘත්තීය ක්‍රියාමාර්ගයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවද අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බවත් එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
සෙවනගල කර්මාන්තශාලාව මොනරාගල දිස්ත්‍රික්කයේ උක් ගොවීන්ගේ ජීවනෝපාය සහ සේවකයින්ගේ රැකියා සමඟ සෘජුව බැඳී පවතින බැවින්, කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලින් මිදී වහාම සේවයට වාර්තා කරන ලෙසත්, පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට එක්වන ලෙසත් සභාපතිවරයා සියලු සේවකයින්ගෙන් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා