IMF කොන්දේසි යටතේ ආර්ථිකය කළමනාකරණය කළ පමණින් දිළිඳුකමේ අර්බුදය විසඳන්න බෑ.. - දිනන දකුණ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට අනුකූලව මූල්‍ය ඉලක්ක සපුරාගනිමින් ආර්ථිකය කළමනාකරණය කළ පමණින් මෙරට ජනතාව මුහුණ දෙන සැබෑ ආදායම් මාර්ග කඩා වැටීම සහ දරිද්‍රතා අර්බුදය විසඳිය නොහැකි බව 'දිනන දකුණ' සාමූහිකය පෙන්වා දෙයි.
මෑතකදී නිකුත් වූ Visual Capitalist ගෝලීය අවම වැටුප් දර්ශකයට අනුව රටවල් 130ක් අතුරින් ශ්‍රී ලංකාව ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අතින් 120 වන ස්ථානය දක්වා පහත වැටී ඇති අතර, මෙරට අවම වැටුපේ සැබෑ මිලදී ගැනීමේ හැකියාව මසකට ඇමෙරිකානු ඩොලර් 200ක අගයක පවතින බවද ඔවුහු සඳහන් කරති.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) බහුමාන අවදානම් දර්ශක වාර්තාව උපුටා දක්වන එම සාමූහිකය, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 55.7ක්, එනම් මිලියන 12.3කට අධික පිරිසක් අධ්‍යාපනය, සෞඛ්‍යය, ණයගැතිභාවය සහ ජීවන තත්ත්වය යන ක්ෂේත්‍රයන් හි දැඩි බහුමාන අවදානමකට ලක්ව සිටින බව පවසයි.
දැනටමත් රටේ දිළිඳුකම සියයට 25 ඉක්මවා ඇති අතර, ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය දෑ සපයා ගැනීමට පවා ණය ලබා ගැනීමට හෝ දේපළ උකස් කිරීමට පෙළඹී ඇති බවද සඳහන් වේ.
රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූල්‍ය ස්ථාවරත්වය, ප්‍රාථමික ගිණුමේ ධන ශේෂ සහ අයවැය පරතරය කළමනාකරණය ගැන සාධනීය තොරතුරු ඉදිරිපත් කළද, එම සංඛ්‍යාලේඛනවලින් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවන යථාර්ථය නිරූපණය නොවන බව 'දිනන දකුණ' සාමූහිකය අවධාරණය කරයි.
එකතු කළ අගය මත බදුවල (VAT) ඉහළ දැමීම් සහ රාජ්‍ය වියදම් සීමා කිරීම හරහා රජය මූල්‍ය ස්ථාවරත්වය පෙන්නුම් කළද, ඒ හරහා එල්ල වූ බදු බර ජනතාවගේ සැබෑ ආදායමට දැඩි ලෙස පහර දී ඇත.
එබැවින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හා නිෂ්පාදන යෙදවුම් මත පනවා ඇති බදු ලිහිල් කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම මෙන්ම පවුල්වල ණයගැතිභාවය සහ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ඉලක්කගත සහන සැලසීමට රජය වහා පියවර ගත යුතු බව එම සාමූහිකය වැඩිදුරටත් පෙන්වා දෙයි.
රටක සැබෑ ආර්ථික සෞඛ්‍යය මැනිය යුත්තේ ලේඛනගත මූල්‍ය ඉලක්ක මත පමණක් නොව, ජනතාවගේ සැබෑ වැටුප් වර්ධනය, දිළිඳුකම පිටුදැකීම සහ සැබෑ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය කිරීම මත පදනම්ව බැවින්, වැඩකරන ජනතාවට සාධාරණ හා ගෞරවාන්විත ජීවන තත්ත්වයක් තහවුරු වන පරිදි ආර්ථික රාමුව සකස් කිරීම රජයේ ප්‍රධාන වගකීමකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා