අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී නම වෙනස් කරලා.. ලංකාවට ගෙන්වන වැඩේ සංකීර්ණයි.. - ඇමති ආනන්ද විජේපාල
මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතිමය බාධා කිහිපයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
සිරස රූපවාහිනියේ 'දවස' වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිය නම වෙනස් කර සිංගප්පූරු පුරවැසිභාවය ලබාගෙන ඇති බවත්, එම රටේ පවතින නීතිමය තත්ත්වයන් හේතුවෙන් ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සංකීර්ණ වී ඇති බවත් ය.
කෙසේ වෙතත්, පවතින නීතිමය බාධාවන් මඟහරවා ගනිමින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය විවිධ උපක්‍රමශීලී පියවර රජය විසින් ගනිමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
බැඳුම්කර නඩුව මේ වන විට අධිකරණය හමුවේ ඉදිරියට යමින් පවතින බවත්, අපරාධ මගින් උපයාගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
අපරාධකරුවන් සතු දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කරන බව ද ඔහු අවධාරණය කළේය.
විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට පුද්ගලයන් 236 දෙනෙකුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර ඇති බවයි. ඉන් රතු වරෙන්තු 110ක්ම නිකුත් කර ඇත්තේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව බව ඔහු පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා