"ඇලස්කා එයාර් ලයින් "ගුවන් සමාගම සිය බෝයිං ගුවන් යානා බල ඇණිය භාවිතය තාවකාලිකව නවතා දමයි
"ඇලස්කා එයාර්ලයින්ස්" ගුවන් සමාගම පවසන පරිදි ඊයේ(06) එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් ගුවන් තොටුපල වෙත හදිසි ගොඩබෑමකට ලක් කළ බෝයිං 737 මැක්ස් -9 ගුවන් යානයේ දෝෂය හේතුවෙන් සමාගමේ ගුවන් යානා සමූහයම “තාවකාලිකව” ගොඩබිම්ගත කරන බව නිවේදනය කර තිබේ.
මගීන් 174 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු රැගත් බෝයිං 737 මැක්ස් -9 ජෙට් යානය කැලිෆෝනියාවට යාමට නියමිතව තිබූ යානය ගුවන්ගත වී මිනිත්තු 35 කින් පසුව පෝට්ලන්ඩ් වෙත ආපසු පැමිණ ආරක්ෂිතව ගොඩ බැස්වූ බව ගුවන් සමාගම පවසයි. පියාසැරි ලුහුබැඳීමේ දත්ත වලට අනුව යානය සිය හදිසි ගොඩ බැසීම ආරම්භ කිරීමට පෙර අඩි 16,000 (මීටර් 4876) ක ඉහළට ළඟා වී ඇති බව පැවසේ.

“ඇලස්කා එයාර්ලයින්ස් 1282 ගුවන් යානය ඔරිගන්හි පෝට්ලන්ඩ් සිට කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ වෙත පිටත් වූ විගසම අද සවස තාක්ෂණික දෝෂයකට මුහුණ දුන්නේය,” සමාගම ජනවාරි 05 වනදා සවස නිවේදනය කළේය. එම නිවේදනයට අනුව යානා සමුහය සම්පූර්ණ පරීක්ෂණයකට භාජනය කොට අවසන් වන තෙක් තම සමාගමට අයත් බෝයිං 737 මැක්ස් -9 ගුවන් යානා 65ම “තාවකාලිකව බිම්ගත කිරීමේ” පියවර ගෙන ඇති බව පැවසේ.
මැක්ස්-9 යනු බෝයිං 737 කාණ්ඩයේ ද්විත්ව එන්ජින්, තනි අන්තරාල ගුවන් යානා මාලාවේ නවතම නිෂ්පාදනයයි. 2017 මැයි මාසයේදී සේවයට එක් වූ ගුවන් යානය එක්සත් ජනපදයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා නිතර භාවිතා වේ.
අනතුරට ලක් වූ ගුවන් යානය තුළ සිට සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද පින්තූර වලට අනුව ගුවන් යානයේ වම් පැත්තේ, පියාපත් සහ එන්ජිමට පිටුපසින් විශාල හිඩැසක් නිර්මාණය කළ ඇති සිදුරක් පෙන්නුම් කරයි. තවත් ඡායාරූප වල බලපෑමට ලක් වූ ප්‍රදේශයට ආසන්නතම ආසනය නිරූපනය වන අතර,සිද්ධියෙන් හානි වූ එම ප්‍රදේශයේ මගීන් කිසිවෙකු සිට නැත.
ඇලස්කා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බෙන් මිනිකුචි විසින් 05 වනදා රාත්‍රියේ නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන් කළේ “මෙම ගුවන් යානයේ සිටි මගීන් දුටු විට මගේ හදවත කම්පනයට පත් වූවා. "ඔබ අත්දුටු දේ ගැන මට කණගාටුයි." “අපගේ ගුවන් නියමුවන් සහ ගුවන් සේවිකාවන් දැක්වූ ස්ථානෝචිත ප්‍රතිචාරයට මම කෘතඥ වෙනවා” යැයි ඔහු වැඩිදුරටත් නිවේදනය මගින් පැවසීය.
මේ අතර බෝයිං සමාගම පැවසුවේ සිද්ධිය පිළිබඳව තමන් දැනුවත් කර ඇති අතර “වැඩිදුර තොරතුරු රැස් කිරීමට කටයුතු කරමින් සිටින” බවත්, පරීක්ෂණයකට සහාය වීමට තාක්ෂණික කණ්ඩායමක් සිටින බවත්ය. මේ අතර, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය, යානයේ පීඩන ගැටලුවක් වාර්තා කර ඇති බවත්, පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් තහවුරු කළේය.
බෝයිං 77 මැක්ස් කාණ්ඩය “ඉතිහාසයේ වඩාත්ම පරීක්‍ෂාවට ලක් වූ ප්‍රවාහන ගුවන් යානය” ලෙස මේ වන විට නම් කර ඇත.විශේෂයෙන් 2018 සහ 2019 වසර වල දී සිදු වූ අනතුරු දෙකකින් පුද්ගල මරණ 346ක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් කළ විමර්ශන මාලාවකින් පසුව, පසුව 2019 මාර්තු මාසයේදී බෝයිං 77 මැක්ස් ගුවන් යානා මාස 18 ක් ගොඩබිම්ගත කිරීමට කටයුතු කළේය.
මෙහෙයුම් නැවත ආරම්භ කිරීම පෙර, සෑම මැක්ස් ගුවන් යානයක්ම සැලකිය යුතු ආරක්ෂක වෙනස් කිරීම් වලට භාජනය විය. නිෂ්පාදකයාගේ දත්ත වලට අනුව බෝයිං 77 මැක්ස් කාණ්ඩයේ ගුවන් යානා 1,300 ක් පමණ දැනට මෙහෙයුම් වල යෙදෙන බව සැලකේ.
https://www.rt.com/news/590187-us-alaska-airlines-grounds-boeing/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ