කබ්රාල්ගේ පසුදැක්මේ වරම!
(2026.08.26 නිවුස් ලයින් වාර්තාවේ සිංහල අනුවාදය)
එම බැඳුම්කර සඳහා BB+ ශ්‍රේණිගත කිරීමක් හිමිව තිබුණි. පසුව ඒවා කඩාවැටුණි. වසර දහහතරකට පසුව, දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් "දූෂණයක්" සිදු කළාද, නැතහොත් එය නරක අතට හැරුණු ආයෝජන තීරණයක් පමණක්ද යන්නයි."
අසරණ අජිත් නිවාඩ් කබ්රාල්! ඒ ඔහු අපගේ අනුකම්පාවට යටවිය යුතු වන නිසාම නොවේ. එහෙත්, හිටපු මහ බැංකු අධිපතිවරයා බොහෝ මිනිසුන්ට පොදු වූ තත්ත්වයකින් පීඩා විඳින බවක් පෙනෙන්නට තිබීම නිසාය. එනම්, ඔහුට අනාගතය දැකීමට නොහැකි වීමයි!
මෙම ග්‍රීක බැඳුම්කර මිලදී ගන්නා අවස්ථාවේදීත Fitch ශ්‍රේණිගත ආයතනය විසින් ග්‍රීක රාජ්‍ය ණය සඳහා BB+ ශ්‍රේණිගත කිරීමක් ලබා දී තිබුණි. එයින් පසුව සිදු වූ මහා විනාශය ගැන කලින්ම අනාවැකි පළ කර තිබුණාද? පසුව, මෙම අර්බුදය දැඩි ලෙස උග්‍ර වූ අතර, ග්‍රීසියේ ශ්‍රේණිගත කිරීම් කඩාවැටී ශ්‍රී ලංකාවට විශාල මුදලක් අහිමි විය. රුපියල් බිලියන 1.84 කට අධික පාඩුවක් සිදු වූ බවට රජය දැන් චෝදනා කරන අතර, මෙම ආයෝජනයෙන් සිදු වූ "දූෂණයක්" සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කබ්රාල් චෝදනාවට ලක්ව සිටී. තමා කිසිදු වරදක් නොකළ බව ඔහු පවසන අතර, පැමිණිල්ල විසින් වරදකරු බව ඔප්පු කරන තෙක් ඔහු නිවැරදිකරුවෙකු ලෙස පවතී.
මෙම අසාමාන්‍ය කතා පුවතේ මුල ඇති සරල ප්‍රශ්නය වෙත අප දැන් යොමු වෙමු.
එනම්, එකල කබ්රාල් දැන සිටියේ කුමක්ද?
ග්‍රීසිය මූල්‍ය අභියෝග ඉදිරියේ සිටි බව දැන සිටීම එකකි. එහෙත්, මාස කිහිපයකට පසු ග්‍රීක බැඳුම්කරවල අගය කොපමණ වේදැයි හරියටම දැන සිටීම තවත් එකකි. විපතක් සිදුවීමට යන බව පෙන්වන තොරතුරු කබ්රාල් සතුව තිබියදීත්, නොමනා ලෙස මහජන මුදල් ආයෝජනය කිරීමට සැලැස්වූයේ නම්, එය පැහැදිලිවම බරපතල කරුණකි. ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කර එය ඔප්පු කරන්නට අවශ්‍යයි.
නමුත්, ග්‍රීසිය අභියෝග සහිත රටක් වූ බවත්, පසුව බැඳුම්කර කඩාවැටුණු බවත්, එබැවින් ඒවා කඩාවැටෙන බව කබ්රාල් දැන සිටිය යුතුව තිබූ බවත් පැවසීමට යන්නේ නම්, මහ බැංකු අධිපති ධුරය සඳහා වන අලුත්ම සුදුසුකම අප විසින් සොයාගෙන ඇති බව පෙනේ: එනම් අනාගතය දැකීමේ හැකියාවයි (Clairvoyance). ඉදිරියේදීථ මහ බැංකු අධිපති ධූරය සදහා සුදුසුකම් මෙසේ පළ කළ හැකියි.
"ආර්ථික විද්‍යා පළපුරුද්ද සුදුසුයි. මූල්‍ය පළපුරුද්ද අත්‍යවශ්‍යයි. අනාවැකි කීමේ පළිඟු බෝලය (Crystal ball) විග්‍රහ කිරීම අනිවාර්යයි."
පසුදැක්ම (Hindsight) යනු ලොව වඩාත්ම සාර්ථක අරමුදල් කළමනාකරු වේ. එය කිසිදා පාඩු ලබන ආයෝජනයක් කර නැත.
මෙහිදී, වඩාත් කුතුහලය දනවන කරුණුද ඇත. මුලදී කබ්රාල් පමණක් තනිව චෝදනා ලැබුවේ නැත. ග්‍රීක බැඳුම්කර සම්බන්ධයෙන් වූ පූර්ව නඩු කටයුතුවලට වෙනත් හිටපු මහ බැංකු නිලධාරීන් ද චෝදනා ලැබුවහ.
එම නඩු කටයුතු නීතිමය බාධාවලට ලක්වූ අතර, අධිචෝදනා පත්‍රයට අත්සන් තැබූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලය පිළිබඳ මූලික විරෝධතාවක් පිළිගැනීමෙන් පසු එක් අදියරක් අවසන් විය. එය නීතිමය ක්‍රියාපටිපාටිය පිළිබඳ තීන්දුවක් මිස කරුණු මත පදනම් වූ නිදහස් කිරීමක් නොවේ. පසුව, තවත් නඩු කටයුතු සිදු වූ අතර, අනෙකුත් හිටපු නිලධාරීන් නිදහස් කරනු ලැබූ අතර, අද කබ්රාල් තනිවම සිටී.
එක් ආයෝජනයක්, නිලධාරීන් කිහිප දෙනෙක්, නඩු වට කිහිපයක් සහ දැන්, කබ්රාල් නැමැත්තා පමණි. ග්‍රීක ඛේදවාචකය (Greek tragedy) දැන් අගාතා ක්‍රිස්ටිගේ අභිරහස් කතාවක් මෙන් වෙමින් පවතී.
එසේම, ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව තීන්දුවක් පිළිබඳ අපහසුතාවයට පත්කරන කරුණක්ද ඇත.
2012 දී විග්‍රහ කරන ලද මූලික අයිතිවාසිකම් නඩුවකදී මෙම ග්‍රීක බැඳුම්කර ආයෝජනය සලකා බලන ලදී. එය අද කබ්රාල් මුහුණ දෙන අපරාධ නඩුව නොවන අතර, එය වත්මන් චෝදනාවලින් නිදහස් වීමක් ලෙස සැලකිය නොහැක. නමුත්, මෙම බැඳුම්කරවල ආයෝජනය කිරීමට කබිරාල් ඇතුලු මුදල් මණ්ඩලය ගත් තීරණය හිතුමනාපී, අසාධාරණ හෝ වංචනික ලෙස සිදුවූවක් බව නිගමනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
එම තීන්දුවට වත්මන් නඩුව තීරණය කළ නොහැක. එමෙන්ම එම තීන්දුව නිකම්ම නොසලකා හරින්නටත් පුලුවන්කමක් නැත.
සමහර විට පැමිණිල්ල සතුව දැන් සම්පූර්ණ පින්තූරයම වෙනස් කරන සාක්ෂි තිබෙනවා විය හැක. එසේ නම්, ඒවා ඉදිරිපත් කර පරීක්ෂා කිරීමට ඉඩ දිය යුතුය. කබ්රාල් දූෂිත නම්, දූෂණය ඔප්පු කළ යුතුය. ඔහු තම තනතුර අනිසි ලෙස භාවිතා කළේ නම්, එය ඔප්පු කළ යුතුය. මෙය, පසුව වැරදී ගිය අවදානම් සහිත ආයෝජනයකට වඩා භයානක දෙයක් බව පෙන්වන සාක්ෂි තිබේ නම්, ඒවා විනිසුරුවන් හමුවේ තැබිය යුතුය.
මන්ද ආණ්ඩු වැරදි තීරණ ගනිති. මහ බැංකු වැරදි තීරණ ගනිති. අමාත්‍යවරුන් වැරදි තීරණ ගනිති. මාධ්‍යවේදීන් ද ඉඳහිට වැරදි තීරණ ගනිති. සමහර විට, එම තීරණ නිසා විශාල මුදලක් වැය වන්නට පුලුවන. නමුත් යම් දෙයක් ආයෝජන තීරණයක් ලෙස විස්තර කිරීමෙන් දූෂණයට ආවරණයක් සැපයිය නොහැකිවාක් මෙන්ම, වැරදි තීරණයක් ස්වයංක්‍රීයව අපරාධයක් වන්නේද නැත. වෙනස වන්නේ සාක්ෂියි.
ලෙහෙසි මග මීට වඩා සරල වුවත් අනතුරුදායකය. ආයෝජනයකින් මුදල් පාඩු විය, එබැවින් එය වැරදියි; එය වැරදි නිසා, යමෙකු ඒ ගැන දැන සිටිය යුතුව තිබුණි. යමෙකු ඒ ගැන දැන සිටිය යුතුව තිබූ නිසා, ඒ තැනැත්තා අනිවාර්යයෙන්ම අපරාධකරුවෙකු විය යුතුය. එසේ නිගමනය කිරීම, “දේශපාලනය” විය හැක. නමුත් එය අපරාධ යුක්තිය පිළිබඳ යෝග්‍ය මූලධර්මයක් නොවේ.
ග්‍රීක ජාතිය ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය, දර්ශනය, ගණිතය සහ ඛේදවාචකය ලබා දුන්නේය. ඒ ආකාරයටම, ශ්‍රී ලංකාවටද අලුත් න්‍යායක් ලෝකයාට හදුන්වා දීමට ඉඩ ඇත: එනම් "පසුදැක්ම මගින් නඩු පැවරීම" (prosecution by hindsight) ය.
එසේ සිදු වූවා නම්, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන පවා, පසුව නිගමනය කරන ලද දේ, 2011 අප්‍රේල් මාසයේදීම කබ්රාල් සැබවින්ම දැන සිටිය යුතුව තිබුණා විය හැක. සමහර විට සෑම මහ බැංකු අධිපතිවරයෙකුම එය දැන සිටිය යුතුයයි කියන්නට හැකිය.
එසේ නම්, ඊළඟ අවස්ථාවේ මෙම මහ බැංකු අධිපති තනතුර පුරප්පාඩු වූ විට, ආර්ථික විද්‍යාඥයන් අමතක කොට, ජෝතිෂ්‍යවේදියෙකුට එම රැකියාව ලබා දිය යුතුයි.
කෙසේ වෙතත්, කබ්රාල්ට අනුකම්පාව හෝ දේශපාලන ආරක්ෂාව අවශ්‍ය නොවෙනු ඇත. එහෙත්, අපරාධ අධිකරණයක් හමුවේ සිටින සෑම පුරවැසියෙකුටම හිමිවන අයිතිය ඔහුට අවශ්‍ය වේ. එනම්, සැවොම දැන් දන්නා දේ නොව, එදා ඔහු දැන සිටි දේ ඔප්පු කිරීමට පැමිණිල්ල බැඳී සිටීමයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්